ශ්‍රියානි විජේසිංහ –
රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ලබා දෙන උපදෙස්, සෞඛ්‍ය ලේකම්වරයා ලබා දෙන උපදෙස්, සෞඛ්‍ය ඇමතිවරයා ලබා දෙන උපදෙස් ක්‍රියාත්මක නොකරන වෛද්‍යසේවා අධ්‍යක්ෂවරියට විරුද්ධව වහාම විනය පරික්ෂණයක් පවත්වා අවශ්‍ය නීති ක්‍රියාත්මක කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමතිවරයා මුණ ගැසී ඉල්ලීමක් කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (II) යටතේ පවතින අධ්‍යක්ෂ වෛද්‍ය සේවා තනතුර නිසි ලෙස අධීක්ෂණය නොකිරීම සම්බන්ධයෙන්ද අදාල අධ්‍යක්ෂ ජනරාල්වරියා සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන්නැයි ද මෙහිදී ඉල්ලා සිටි බව සංගමය පවසයි.
ශ්‍රේණි වෛද්‍යවරුන් 20000ක් පමණ දෙනාගේ ස්ථානමාරු ක්‍රියාවලිය අධ්‍යක්ෂවරියගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් අවුලෙන් අවුලට පත්ව ඇතැයි සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පෙන්වාදේ.
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු මණ්ඩලවල අනුමැතියක් නොමැතිව රෝහල්වල පවතින වෛද්‍ය පුරප්පාඩු සැලකිල්ලට නොගෙන පුද්ගලයෙකුගේ දෙන්නෙකුගේ අවශ්‍යතාවයට පශ්චාත් සීමා වාසිකව වෛද්‍ය පුරප්පාඩු පත්වීම් ප්‍රසිද්ධියට පත්කිරීමට මෙම අධ්‍යක්ෂවරිය කටයුතු කිරිම හේතුවෙන් සමස්ථ වෛද්‍ය සේවාවම අවුලෙන් අවුලට පත්ව ඇතැයි ලේකම්වරයා පවසා සිටියි.
වෛද්‍යරුන්ගේ වාර්ෂික ස්ථානමාරු ලැයිස්තුව 2024 නොවැම්බර් වෙන විට ප්‍රකාශයට පත්කල යුතු වුවද ඇය විසින් එය ප්‍රකාශයට පත් කළේ 2025 වසරේ ජුනි මාසය තුළ බවත් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පෙන්වාදේ.
සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රමුඛ රජය වංචා දූෂණ අක්‍රමිකතා පිටු දැකීමට කටයුතු කරන මොහොතේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ තනතුර සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් II යන තනතුරු වල නිරත ව සිටින අය සිදුකරන අත්තනෝමතික ක්‍රියාකලාපයන් හේතුවෙන් සමස්ථ සෞඛ්‍ය සේවාවම බිඳවැටීමට හේතුවක් වී ඇති බැවින් ඒ පිළිබඳව වහාම අවදානය යොමු කරමින් අවශ්‍ය විනය පරික්ෂණයක් කරන්නැයි සංගමයේ සමස්ථ සාමාජික පිරිසම ඉල්ලා සිටිනබවද හෙතෙම පවසයි.







