දිනසේන රතුගමගේ –
කොළඹදී ගුරු සංගම් විරෝධයකට එක්වීමෙන් පසුව පොලීසිය විසින් මුලතිව් කේපාපිලව් ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කළ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලින් ඇතුලු පිරිසට අවශ්‍ය ඇදුම් හා දෛනික උපකරණ තොගයක් යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් ඇතුලු පිරිසක් විසින් ඊයේ (10) රැගෙන ආවේය.
නිරෝධායනය වන භික්ෂූන් වහන්සේලා ඇතුලු මේ පිරිසට අවශ්‍ය ඇදුම් නොමැති බවට තොරතුරු ලබීමෙන් පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පාලනය කරන මෙම නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගිය නගරාධිපතිවරයා ඇතුලු පිරිස එම පරිත්‍යාගය ඔවුන්ට ලබා දී තිබේ.