ඇඳිරි නීතිය කාලෙ පරන්තන් සිසුවෙක් කාර් එකක් හදලා

හැදුවෙ අබලි ද්‍රව්‍ය වලින්.... හොඳටම දියුණු කරන්න පුලුවන්...

දිනසේන රතුගමගේ –

කිළිනොච්චි පරන්තන් ප්‍රදේශයේ වයස අවුරුදු විස්සක පාසල් සිසුවෙකු ඇදිරි නීති කාලයේදී කාලය  අපතේ නොහැර ඉවතලන ද්‍රව්‍ය උපයෝගී කරගෙන කුඩා මෝටර් රථයක් නිර්මාණය කොට තිබේ.

කිළිනොච්චිය මහා විද්‍යාලයේ අරුල්දාසන් රොෂාන් නැමති මෙම සිසුවා එම කුඩා මෝටර් රථය ඔහු විසින්ම සැලසුම් කොට තිබේ.

කැඩී ගිය යතුරු පැදියක එන්ජින් කොටස් හා වෙනත් වාහන වල ඉවත ලන ද්‍රව්‍ය උපයෝගී කරගෙන ඔහු විසින් නිපදවන ලද එම කුඩා මෝටර් රථය පැයට කිලෝ මීටර් 60 ක වේගයෙන් ගමන් කළ හැකි අතර එක් කිලෝ මීටරයක් සඳහා වැය වන්නේ සත හැත්තෑවක පමණ මුදලකි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉතා පහසුවෙන් හතර දෙනෙකුට මෙම  කුඩා මෝටර් රථයේ ගමන් කළ හැකි අතර එය නිපද වූ සිසුවා අපොස උසස් පෙළ විභාගයෙන් පසුව මෙවැනි මෝටර් රථ නිපදවීම කෙරෙහි  අවධානය යොමු කිරීමට බලාපොරොත්තුවෙන් සිටියි.

Exit mobile version