ඇදිරිනීති බලපත්‍ර අත්‍යවශ්‍යම කටයුතු සඳහා පමණක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
covid-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දෙන අනුමැතිය, අපනයන සංවර්ධන මණ්ඩලයෙන් ලබා දෙන නිර්දේශවලට අමතරව අත්‍යවශ්‍ය භාණ්ඩ ආහාර බෙදාහැරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලබාදෙන අනුමැතියට හැර වෙනත් කටයුතු සඳහා ඇදිරිනීති බලපත්‍ර නිකුත් නොකිරීමට මෙලෙස පියවර ගෙන ඇත.
ඇදිරිනීති බලපත්‍ර ලබාගැනීම සඳහා පොලිස් ස්ථානවලට ජනතාව අනවශ්‍ය ලෙස එක් රොක් වීම වැළැක්වීමට මෙම පියවර ගෙන ඇත.
ජනාධිපතිවරයා අද උදෑසන සිය නිවසේ සිට මිරිහාන පොලිසිය පොලිසිය ඉදිරිපිටින් යන අවස්ථාවේදී එම ස්ථානයේ ඇඳිරි නීති බලපත්‍ර ලබාගැනීමට පැමිණි පුද්ගලයන්ගෙන් දිගු පෝලිමක් දක්නට ලැබී ඇත.
ශාරීරික දුරස්ථභාවයද රඳවා නොගෙන ජනතාව මෙසේ රැඳී සිටීම පිළිබඳව සොයා බලා ඇති ජනාධිපතිවරයා ඇඳිරි නීති බලපත් ලබා දීම සම්බන්ධයෙන් බලධාරීන්ට උපදෙස් දී ඇති බව වාර්තා වේ.