සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ඇන්ටි කරප්ෂන්” මහත්වරුනි… ලබන සතියේ NCC – SSC මැච් එකට වෙන්න යන වැඩේ ගැන පොඩි ඉඟියක් මෙන්න…

by editor
පෙබරවාරි 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • ඉතිහාසයේ පළමු වතාවට SSC කණ්ඩායම පළමු පෙළින් විසිවීම වළක්වා ගැනීමට කරන කුජීත මෙහෙයුමේ ඇතුළාන්තය කියවන්න….

එළඹෙන සතිය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ මර්ධන ඒකකයට වැඩ බහුල වනු ඇත. ඒ ලංකාවේ ප්‍රමුඛ පෙළ අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලියේ අවසන් සති අන්තයවන බැවිනි.

හැමදාමත් මේ තරගාවලියේ අවසන් තරග දෙක තුන වන විට දෙවෙනි පෙළට නොවැටී සිටීම සඳහා නොයෙකුත් ආකාරයේ “මැච් ෆික්සින්” සිදු වන බව නොරහසකි.

ක්‍රිඩා සමාජ නිලධාරීන්, පුහුණු කරුවන් හා ක්‍රීඩකයන්ද මෙම ෆික්සින් ගේම් එකේ සිටියත් ක්‍රිකට් දූෂණ මර්ධන ඒකකයෙන් මෙතෙක් අල්ලා ගත් අයකු නැති වීමද විශේෂත්වයකි.

වෙනදාට වඩා මෙවර විශේෂත්වයක් වනුයේ මෙරට ප්‍රබලම ක්‍රීඩා සමාජය වන SSC ක්‍රීඩා සමාජය තවත් එක් තරගයක් පමණක් ඉතිරිව තිබියදී තවමත් අවසන් ස්ථාන දෙකේ පසු වීමයි.

ලකුණු සටහන…

තරගාවලි නීතිය අනුව කොටස් දෙකකට පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් ස්ථාන දෙකේ පසුවන කණ්ඩායම් මීළඟ වාරයේ දෙවෙනි කොටසට පහත වැටේ. ඒ අනුව ප්‍රමුඛ පෙළ ක්‍රීඩා සමාජ හතරකට ෆස්ට්ක්ලාස් තත්ත්වය අහිමි වීම සිදුවේ.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ඉතිහාසයේ ප්‍රථම වතාවට එම ෆස්ට්ක්ලාස් තත්ත්වය නැතිකර ගැනීමේ අවස්ථාවක සිටින SSC කණ්ඩායමට ඉතිරිව ඇති තරගය වනුයේ ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින NCC කණ්ඩායමයි. SSC කණ්ඩායමට ඉහළින් සිටින නුගේගොඩ කණ්ඩායමට තවත් තරග දෙකක් ඉතිරිව තිබේ.

SSC ක්‍රීඩා සමාජයේ සමන්ත දොඩන්වෙල තරග කමිටු සභාපති මෙන්ම මෙවර නිලවරණයේ ප්‍රධාන නිලතල තුනටම තරග වදින ක්‍රිකට් බලධාරියෙකි. මහේල ජයවර්ධන එහි ක්‍රිකට් මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියාය. අර්ජුන රණතුංගද SSC විධායක කමිටුවේ ප්‍රබලයෙකි.

දැනටමත් මෙම තීරණාත්මක තරගය ජය ගන්නට තමන්ට අවස්ථාව දෙන මෙන් ඉහළ මට්ටමේ සාකච්චා තිබී ඇත. තරගය දිනකින් කල් දමා ගැනීමේ උත්සාහයක්ද කර තිබේ.

දැනගන්නට තිබෙන ආකාරයට මෙවර ශූරතාව දිනා ගැනීමේ අවස්ථාවක සිටින NCC පිලේ ක්‍රීඩකයන් මෙයට නතු කර ගැනීම අපහසු කරුණක් වී තිබේ.

එහෙත් දොඩන්වෙල මේ වන විට තම ක්‍රිකට් විධායක බලතල යොදා උපක්‍රම රැසක් සිදු කර ඇති බව වාර්තා වේ.

SSC හිටපු පුහුණුකරු සමන් ජයන්ත මීට මාස දෙක තුනකට පෙර ක්‍රිකට් ආයතනයේ උසස් තාක්ෂණ පුහුනුකරුවකු ලෙස පත් වීම් ලැබ SSC ක්‍රීඩා සමාජයෙන් ඉවත් වුවත් ඉහළින් ලැබුණු නියෝගයක් මත තාවකාලිකව SSC වෙත මුදා හැර ඇත.

මෙලෙසම සම්පත් පෙරේරා නම් පුහුණුකරුද පානදුර ක්‍රීඩා සමාජයට යාමෙන් බේරා ගැනීමට ක්‍රිකට් ආයතනයෙන් පානදුර ක්‍රීඩා සමාජයට මුදා හැර තිබේ.

පානදුර ක්‍රීඩා සමාජයේ උප සභාපති , ක්‍රිකට් උප සභාපති හා විනිසුරුවන්ගේ සභාපති වන්නේ රවින් වික්‍රමරත්නය. පානදුර ක්‍රීඩා සමාජයද මේ වන විට ඉන්නේ යටට යාමේ තර්ජනයට යටත්වය.

මේ සංසිද්ධි අනුව මීළඟ තරගවලදී තරග විනිසුරුවන් යෙදවීමේත්, තණ තීරු සැකසීමේත්, ඒ ඒ කණ්ඩායම් වල ක්‍රීඩකයන් විවේක ගැන්වීම් හා අඩු දස්කම් දැක්වීමේත් සිද්ධීන් දෙස විමසිල්ලෙන් බලා සිටිය යුතුය.

ඇන්ටි කරප්ෂන් යනුවෙන් මසකට ලක්ෂ ගණන් පඩි ගන්නා නිලධාරීන් සිටින්නේ මේවා බැලීමටය.

එහෙත් මේ දක්වා මොවුන් ඇල්ලූ අයකු නම් නොමැතිය

Tags: නවතම
Share69Tweet43
Previous Post

සබරගමු මහ සමන් දේවාල නිලවරණය වළක්වාලමින් තාවකාලික භාරකාරවරයා අධිකරණ නියෝගයක් ලබා ගනී!

Next Post

විදුලිය කැපෙයි… කැපෙන හැටි මෙන්න….

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.