ශ්‍රේෂ්ඨාධිකරණ ක්රියාමාර්ගයකින් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇත්දැයි දන්වා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව මේ වන විට ඒ පිළිබඳව සොයා බලමින් සිටීම ශ්‍රී ලංකා අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල විය හැකි තර්ජනයක් බවත් ඒ පිළිබඳව සිය කනස්සල්ල කරන බවත් ආසියා ෆැසිපික් කලාපයේ නීති වෘත්තිකයින්ගේ ප්‍රධානම එකමුතුව වූ LawAsia සඳහන් කරයි. .
ශ්‍ර ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය හෑල්ලුවට ලක් කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් හෝ කිසිදු පියවරක් නොගන්නා ලෙසටත් එමගින් ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වයට හානියක් සිදු නොවිම සඳහා සහතික වන ලෙසත් LawAsia සියළුම පාර්ශවකරුවන්ට අවවාද කර තිබේ.
LAWASIA යනු ආසියා පැසිෆික් නීති වෘත්තියේ අවශ්‍යතා සහ උත්සුකයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්, විනිසුරුවරුන්, නීතිවේදීන් සහ නීති සංවිධානවලින් සමන්විත කලාපීය සංගමයකි.
වසර පනහකට වැඩි කාලයක් තිස්සේ, නීතිමය දැනුම හුවමාරුව, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම, වෘත්තීය අඛණ්ඩතාව සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳ අන්‍යෝන්‍ය වශයෙන් පවතින මූලධර්ම පිළිපැදීමට දිරිමත් කිරීමේ වේදිකාවක් ලෙස LAWASIA ක්‍රියා කරයි.







