“ආසයි – බයයි“ මන්ත්‍රීවරුන් නිසා කැබිනට් මණ්ඩලය පත් කෙරෙන වැඩේට “බාලගිරි“ වැළඳෙයි!

නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්වන බවට ඇතැම් මන්ත්‍රීවරු එකඟතාවය පල කළ ද ඔවුන් මෙතෙක් ඒ සඳහා නොපැමිණීම හේතුවෙන් නව ආණ්ඩුව පිහිටුවීමේ කටයුතු දිනෙන් දින ප්‍රමාදවන බව හිටපු ඇමතිවරයෙක් ලංකාසරට පැවසීය.

දේශපාලන පක්ෂ වශයෙන් නිර්පාක්ෂික ආණ්ඩුවට එක් කරගැනීමට දැරූ උත්සාහයන් සියල්ල අසාර්ථක වීම නිසා අදාල දේශපාලන පක්ෂවලින් නව ආණ්ඩුවට එක්වීමට කැමැත්තෙන් සිටින මන්ත්‍රීවරු සමග මේ වනවිට සාකච්ඡා ආරම්භ කර තිබේ.

එලෙස සාකච්ඡා කරන මන්ත්‍රීවරු ඔවුන්ගේ ස්ථාවරයන් විටින්විට වෙනස් කරමින් ඇමති ධුර ලබාගෙන ආණ්ඩුව පිහිටුවීමට ඍජුව එක් නොවීම නිසා කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම මේ වනවිට ප්‍රමාද වී ඇත.

නව ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේ විෂය පථයන් සියල්ල සාකච්ඡා කර සූදානම් කර තිබුණත් සියලු පක්ෂ නියෝජනයවන ආකාරයෙන් එය පෙළ ගස්වා ගැනීමට තවමත් නොහැකි වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගෙවුණු දින කීපයේම මේ සාකච්ඡා පවත්වා තිබිණි. අද හෝ හෙට නව ඇමති මණ්ඩලය දිවුරුම් දීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ජනාධිපති මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි.


Exit mobile version