අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් වෙනුවට මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයෙන් තරග කිරීමට ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන්ව තෝරා ගැනීමට ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ මධ්‍යම කාරක සභාව තීන්දු කර ඇත.
මෙම තීන්දුවත් සමග අද (27)සවස 6 ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවූ කම්කරු කොංග්‍රස් නියෝජිතයනන් ස්වකීය තීන්දුව පවසා තිබේ. ඊට එකඟ වී ජීවන් තොණ්ඩමන් වෙත නාම යෝජනා ලබා දෙන ලෙස කළ ඉල්ලීමට අගමැතිවරයා සිය එකඟතාවය පලකළ බව කම්කරු කොංග්‍රස් ප්‍රකාශකයෙක් පැවසීය.