බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආර්ථිකය අවුල් වුණේ කොවිඩ් නිසා නෙවෙයි තේරුමක් නැති බදු සහන නිසයි

සජබ මන්ත්‍රි චම්පික කියයි

by Lanka Sara Editor
ජනවාරි 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

2019 දෙසැම්බර් 01 වන දින වත්මන් ආණ්ඩුව මේ රටේ ඉහළම ධන කුවේරයින්ට ලබාදුන් අවිද්‍යාත්මක බදු ප්‍රතිපත්තියේ ස්වරූපය නිසා රටේ ආර්ථිකය අද දැවැන්ත අර්බුදයකට පත්ව ඇති බවත්, එම අර්බුදය කෝව්ඩ් වසංගතය මත පටවා ඉන් ගැලවීමට වත්මන් ආණ්ඩුව උත්සහ කරමින් සිටින බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

විශේෂයෙන්ම මූල්‍ය ශ්‍රේණිගත කිරීම්වලට අන්තර්ජාතික ආයතන හා මූල්‍ය ආයතන අපේ රටේ ණය ගෙවීමේ හැකියාව අන්තර්ජාතිකව ප්‍රශ්න කර තිබෙන බවත්, ආණ්ඩුවේ සුරංගනා කතා වලින් තවදුරටත් ඉදිරියට යා නොහැකි බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා, රටේ වත්මන් තත්ත්වයට හේතු වූ හෝ බදු සහන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට පාදක කරගත් විද්‍යාත්මක විශ්ලේෂණයක් ඇත්නම් එය රටේ මූල්‍ය තත්ත්වයට වග කියන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම රජයේ වගකීමක් බවද අවධාරණය කර සිටී.

අද(07) පාර්ලිමේන්තුවේ පැවති සිය කතාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් මා විමසා සිටියා, 2019 දෙසැම්බර් 01 වන දා මේ රටේ ඉහළම ධන කුවේරයින්ට ලබාදීපු බදු සහනය නිසා රටට ආණ්ඩුවට අහිමිවෙච්ච ධනය කොච්චරද කියල. 2019 සහ 2020 සංසන්දනය කරල බැලුවහම ආසන්නයෙන් රාජ්‍ය බදු ආදායමෙන් 30% ක් අහිමි කරගෙන තියෙනවා මේ රජය ධනපතියන්ට ලබාදීපු බදු සහනය විසින්. එතුමාගේ සංඛ්‍ය ලේඛන අනුව 2018 දෙසැම්බර් 01 වන දා සිට 2019 සැප්තැම්බර් 30 දක්වා ඒ කියන්නේ අපේ පාලන කාලය තුළ රුපියල් බිලියන 1273 ක් වෙච්ච බදු ආදායම 2019 දෙසැම්බර් 01 වනදා ගත්ත බදු සහන ප්‍රතිපත්තිය නිසා 2020 සැප්තැම්බර් 30 වන විට බිලියන 894 දක්වා අඩුවෙලා තියෙනවා.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

අද මේ රට විදේශ ශ්‍රේණිගත කිරීම් වලින් පහළට යන්නෙ. සියලුම අන්තර්ජාතික ආයතන අපේ රටේ ණය ගෙවීමේ හැකියාව ප්‍රශ්න කරල තියෙන්නේ. අපට රාජ්‍ය මූල්‍ය විධිමත්ව පාලනය කිරීමට හැකියාවක් නැහැය කියන පදනම මත ඉඳගෙන. ඒ නිසා මොන පදනමක් මත, මොන විද්‍යාත්මක විශ්ලේෂණයක් මත පදනම් වෙලාද ධනපතියන්ට බදු සහන ලබාදීල, සාමාන්‍ය ජනයාට ඒ සහනය ලබා නුදුන්නේ. ඒ තුළින් ඇතිකරගත් අර්බුදය කොච්චරද කියන එක අද අපට ඉතාම පැහැදිළියි.
විශේෂයෙන්ම විවිධ ආයතන ශ්‍රේණිගත කිරීම්වලට තියෙන, SNP, ඒ වගේම පිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය, ඒ වගේම වෙනත් මූල්‍ය ආයතන JP මෝගන්, City Group මේ හැම කෙනාම අද අපේ රටේ ණය ගෙවීමේ හැකියාව අන්තර්ජාතිකව ප්‍රශ්න කරල තියෙනවා. ඒ නිසා සුරංගනා කතා වලින් අපට තවදුරටත් ඉදිරියට යන්න බෑ. මේ තත්ත්වයට රට පත්කරපු වාර්තාවක් ඇත්නම්, විද්‍යාත්මක විශ්ලේෂණයක් ඇත්නම් රටේ මූළ්‍ය තත්ත්වයට වග කියන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම රජයේ වගකීමක් කියන එක මම අවධාරණය කරනවා.

අද අපට පේනවා විශේෂයෙන්ම 2020 වර්ධන වේගය ගැන. කාර්තු තුනක වර්ධන වේගය නිකුත් වෙලා තියෙනවා. ඒකට අනුව 2020 වර්ධන වේගය -5.3 යි. ඒ වර්ධන කාර්තු තුනේම වර්ධනය ගත්තහම. ඊළඟ කාර්තුවෙත් අපිට බලාපොරොත්තු වෙන්න බෑ අවසාන කාර්තුවේ. අපිට බලාපොරොත්තු වෙන්න බෑ විධිමත් ධන ආර්ථික වර්ධනයක්. ඒ අනුව කොහොමද මහ බැංකුව කියන්නේ මේ රටේ 2020 -3.9 ක ආර්ථික වර්ධනයක් තියෙනව කියල. මොකක්ද මේ කරන සංඛ්‍යා ලේඛන බොරුව ? මේ මඟින් කුමක්ද සිදු වෙමින් තියෙන්නේ ?

කෝවිඩ් එක ඇති වුණාට පස්සෙ අන්තර්ජාතික ආයතන, විශේෂයෙන්ම අන්තර්ජාතික අරමුදල අපට තියෙන හැකියාව අනුව අපට ඩොලර් මිලියන 800 ක් උරුම වෙලා තිබුණා. ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 500 ක් ලැබෙන්න තිබුණා. ඒ වගේම ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 500 ක් ගන්න තිබුණා. මේ එක ආයතනයකින්වත් අපිට මේ මුදල ලැබුණෙ නෑ, නමුත් අපේ අවට කලාපයේ රටවල් වලට ඉන්දියාවට, පකිස්තානයට, බංග්ලාදේශයට, මාලදිවයිනට මේ ආධාර ලබාගන්න තිබුණා.

ඇයි මේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලැබෙන්න තිබුණු මේ ඩොලර් මිලියන 1800 අපට නොලැබිලා ගිහිල්ල, අද අපි මූල්‍ය හුවමාරුව යටතේ කෙටිකාලීන ණය ලබාගැනීමට ඇයි අපි ඉන්දියාවටත් චීනෙටත් යන්නේ ? මොනවද ඒ Currency Swap එකේ ප්‍රතිපත්ති ? මොනවද ලබාදීල තියෙන කොන්දේසි ? ඒවා මේ පාර්ලිමේන්තුවට හෙළිදරව් කිරීම අනිවාර්යෙන්ම මේ ආණ්ඩුවේ වගකීමක්. එහෙම නැතිව අපිට මේ currency swap එකක් තියෙනව මේ ප්‍රශ්න විසඳන්න කියල කීම පිළිතුරක් වෙන්නේ නෑ.

අපිට මේ විදේශ ආයතනවලින් කෝවිඩ් එක නිසා ලැබිය යුතු ධනය නොලැබීමට ප්‍රධාන හේතුව මේ ලබාදීපු බදු සහනය රාජ්‍ය මූල්‍ය බිඳදමාගෙන තිබීම. කෝවිඩ් එක නැතුවත් රජයේ මූල්‍ය තත්ත්වයේ දුර්වලතාවය, ණය ආපසු ගෙවීමේ නොහැකියාව ජාත්‍යන්තර වශයෙන් ස්ථාපිත වෙච්ච නිසා තමයි අපට ඒ අන්තර්ජාතික වශයෙන් ලැබෙන්න තිබුණු සහනදායී මුදල් නොලැබී තියෙන්නේ. නැත්නම් කෝවිඩ් එක නිසානම් අපේ ආර්ථිකය කඩා වැටුණෙ ඉන්දියාවට ලැබුණු දේ, පකිස්තානයට ලැබුණු දේ බංගලිදේශයට ලැබුණු දේ අපට නොලැබී යන්න හේතුවක් නෑ. ඒ නිසා කෝවිඩ් එක පිටින් දැන් ගැලවෙන්න බෑ, ඊට කලින් ගත්ත අවිද්‍යාත්මක බදු ප්‍රතිපත්තියේ ස්වරූපය නිසා තමයි අද මේ තත්ත්වයට ඇදල වැටිල තියෙන්නෙ කියන එක ප්‍රකාශ කරන්න ඕන.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බදු නොගෙවන ලොකු කොම්පැනි මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමේ තීරණයක්

Next Post

අවුරුදු 10ක් තිස්සේ හෝමාගම පොලිසිය කළ ජල හොරකම හෙළි වේ…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.