ආයුර්වේද සූත්‍ර කමිටුව කොරෝනා මර්ධනයට ඉදිරිපත් කළ ඖෂධ වට්ටෝරු 37න් 35ක් ප්‍රතික්ෂේප වෙයි…

ඉතිරි දෙකක් කොරෝනා මර්ධනය නොව සාමාන්‍ය ඖෂධ වට්ටෝරු පමණයි… අමාත්‍යාංශ ලේකම් කියයි...

නතාෂා නෙත්මිණි  –                                                        

කොරෝනා මර්දනය සඳහා යැයි පවසමින් ආයුර්වේද සූත්‍ර කමිටුවට ඉදිරිපත් කල දේශීය ඖෂධ වට්ටෝරු 37න්  පර්යේෂණය සඳහා අනුමැතිය ලැබී ඇත්තේ වට්ටෝරු දෙකකට පමණක් යැයි  දේශීය වෛද්‍ය ප්‍රවර්ධන ග්‍රාමිය ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් කුමාරි වීරසේකර   සඳහන් කරයි.

පර්යේෂණය සඳහා ඖෂධ වට්ටෝරු ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා සුදුසුකම් රාශියක් සපුරා තිබිය යුතුවන නමුත් මෙම වට්ටෝරු 35ක්ම නියමිත සුදුසුකම් සපුරා නොමැතිව තිබීම හේතුවෙන් මෙසේ අවලංගු කළ බව ඇය සඳහන් කළාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සූත්‍ර කමිටුවට ඉදිරිපත් කළ කිසිදු ඖෂධ වට්ටෝරුවක් කොරෝනා මර්දනය සඳහා යැයි පැවසිය නොහැකි අතර එය ඖෂධ වට්ටොරු පමණක් බව යැයිද ලේකම්වරිය පැවසීය.


Exit mobile version