බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආයුර්වේද සංස්ථාවේ බඳවා ගැනීම් අගතිගාමීයි… සේවකයෝ විමර්ශනයක් ඉල්ලති…

by editor
නොවැම්බර් 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ආයුර්වේද සංස්ථාවේ  පුරප්පාඩුව පැවතුන තනතුරු කිහිපයක් සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා බඳවා ගැනීම් සිදුකරන්නට සූදානම් වන්නේ    අගතිගාමී ආකාරයෙන් බවත් එම දූෂිත ප්‍රවේශයට වගකිව යුතු වන්නේ පැලවත්තේ නම විකුණමින් සියලු අගතීන් යටපත් කරගෙන ඉන්නා ආයුර්වේද සංස්ථාවේ සභාපතිනිය බැවින් මෙම බඳවා ගැනීමේ ක්‍රියාවලිය පිලිබඳ විධිමත් විමර්ශනයක් ලබා දෙන ලෙස ආයුර්වේද සංස්ථාවේ සේවක පිරිසක්  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණකවරයා වෙත ලිපියක් යොමු කර ඉල්ලීමක් කර තිබේ.

ඔවුන් පවසන්නේ    2025 ඔක්තෝම්බර් මස අවසානයේ   මෙම සම්මුඛ පරික්ෂණය පවත්වන්නේ  අයදුම්පත් කැඳවීමේ සිට සම්මුඛ පරීක්ෂණ ක්‍රියාත්මක කිරීම දක්වා වූ සමස්ථ ක්‍රියාවලිය තුළම සිද්ධවන   සංස්ථාවේ සභාපතිනියගේ ජුගුප්සාජනක මැදිහත්වීම මත බවය .

සභාපතිනිය විසින්  සංස්ථාවේ තැපැල් සහයකට   ලබා දී ඇති උපදෙස් අනුව ඔහු තැපෑලෙන් ලැබෙන අයදුම්පත් සියල්ල එකවර ගොනුවල සටහන්   නොකරන බවත්, අනතුරුව ඇයගේ උපදෙස් මත   අයදුම්පත් විවෘත කරවා  සුදුසුකම් සම්පූර්ණ කර ඇති ඇතැම් අයදුම්පත් ඉවත් කර තමන්ට  අවශ්‍ය අයදුම්කරුවන්  පමණක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇති බව එම සේවකයෝ අමාත්‍යාංශය වෙත දන්වති.

පරිපාලන නිළධාරී, සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය) ඇතුළු බොහෝමයක් තනතුරු සඳහා මෙම ක්‍රියාව සිදු කර ඇතැයි කියන සේවකයින්  එම අයදුම්පත් සංස්ථාවට ලැබුණු බවට ඇති සියළු සාක්ෂි මකාදමමින් පවතින බව ද  චෝදනා කර ඇත.

මේ වන විට සුදුසකම් නොමැතිව සංස්ථාවේ පරිපාලන නිළධාරී වැඩබැලීමට පත් කර ඇති පුද්ගලයා   සම්මුඛ පරීක්ෂණයට කැඳවා ඇත්තේ සභාපතිනියගේ  දැඩි ඉල්ලීම මත බව ඔවුහු පෙන්වා දෙති.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

බඳවාගැනීමේ පටිපාටිය අනුව නියමිත සුදුසුකම් සම්පූර්ණ කර නැති මෙම පුද්ගලයා    02 වන ස්ථානයට තෝරා පත් කර ඇත්තේ සභාපතිනියගේ  බලය අනිසි ලෙස යොදා ගනිමින් බව   සේවක පිරිස් අවධාරණය කර ඇත. මෙම තැනැත්තා පරිපාලන නිලධාරී ලෙස පත් කරගැනීමට ඔහු වැඩියෙන් ලකුණු ලබාගෙන තනතුර සඳහා සුදුසුකම් ලද පුද්ගලයා වැළැක්වීමේ වැඩපිළිවෙළක් ද රහසිගතව දියත් වී ඇති බව මෙම සේවක පිරිස් වැඩිදුරටත් අමාත්‍යාංශය වෙත දන්වා තිබේ.

සභාපතිනිය ඇතුළු කණ්ඩායම සංස්ථාවේ නීති උල්ලංඝනය කරමින් සිටින්නේ පැලවත්තේ නම විකුණමින් වීම රජය මේ වනවිට අත් විඳින ඛේදවාචකය බවද සේවක පිරිස් අමාත්‍යාංශයට යැවූ ලිපියේ දැක්වේ.

ගිණුම් නිළධාරී තනතුර සඳහා පවත්වන ලද සම්මුඛ පරීක්ෂණයේදීද වැඩිම සුදුසුකම් ඇති අයදුම්කරුවන් සඳහා සැලසුම් සහගතව අඩු ළකුණු ලබාදී බරපතල මූල්‍ය වංචා සම්බන්ධ චෝදනා ලැබ ඇති  සංස්ථාවේ පොත්තබන්නා ලෙස සේවය කරන ආයුර්වේද සංස්ථා සේවක සංගමයේ සභාපතිට සම්මුඛ පරීක්ෂණයේ දී දක්වන ලද කුසලතා මත පදනම්ව යැයි කියමින්   ගිණුම් නිළධාරී තනතුර සඳහා වැඩිම ළකුණු ලබා දී පත් කර ගැනීම මේ වනවිට සංස්ථාව තුළ දැඩි කතා බහට ලක් වී ඇතැයි එම සේවකයෝ දන්වා සිටිති.

ගිණුම් නිළධාරී සහ පරිපාලන නිළධාරී තනතුරු සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමේදී දූෂණ හා අක්‍රමිකතා සිදුවූ බවට අභ්‍යන්තර අයදුම්කරුවන් කිහිපදෙනෙකු විසින් පැමිණිලි ඉදිරිපත් ඇති බවත්, සභාපතිනිය සිය අත්තනෝමතික හැසිරීම ප්‍රකට කරන්නේ සිය දේශපාලන බලය සහ පැලවත්තේ සම්බන්ධතා පිළිබඳ ඉඟි කරමින් වීම රජයට කරන බරපතල හානියක් බවත් එම සේවකයෝ කියති.

මේ ක්‍රියාවලිය සඳහා  විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස ඔවුහු අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාල අභය භූමිය තුළ පැල ලක්ෂ 02කට වැඩි කංසා වගාවක් සොයා ගනී… වියලි ගංජා කිලෝ 50ක්

Next Post

පහළ කඩුගන්නාවෙන් ඉහළට කඩුගන්නාව ප්‍රදේශය හරහා නැවත දැනුම් දෙන තුරු  බර වාහන ගමන නවතින ලකුණු!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.