ආයුධ සොයන්න ගිය සැකකරු කඩුවෙල ගල්වලක වැටී මිය යයි

dead body

මොරටුව ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමක් ඇතුළු අපරාධ ක්‍රියා රැසකට සම්බන්ධ බවට සැකපිට පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයකු සැඟවූ ගිනි අවි සොයා ගැනීම සඳහා කඩුවෙල ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේ එහිදී විශේෂ කාර්ය බලකා සාමාජිකයන් සමඟ පොර බදා පැන යන අවස්ථාවේදී ගල් වළකට වැටී මියගොස් තිබේ.

කඩවත පහළ බියන්විල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන තුවාන් ශිරාත් නැමැති මෙම සකකරු කඩුවෙල කොරතොට ගල් කොරියක ආයුද සගවා ඇති බවට කරන ලද ප්‍රකාශයක් මත ඒවා සෙවීමට සැකකරු සමඟ ගිය මොහොතේ මෙසේ මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සැකකරු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිට ඇති අතර ඔහු සම්බන්ධ අපරාධ පිළිබඳව තොරතුරු අනාවරණය කර ඇතැයි වාර්තා වේ.

Exit mobile version