ආපදා කළමනාකරණයට වැඩිම විදෙස් පුහුණුව ලැබුවෙ දේශපාලකයෝ…

ඩොලර් මිලියන 30ක් විදෙස් පුහුණුවීම් සඳහා වියදම් කරලා... විගණනයක් කළොත් වුනු දේ බලාගත හැකියි...

Athula-Senarathna

මහාචාර්ය අතුල සේනාරත්න

කීර්ති ප්‍රනාන්දු –

ආපදා කළමනාකරණ ම්‍යධස්ථානය ආරම්භ කර වසර කීපයක්ම ගතවී ඇතත් ඩොලර් මිලියන 30ක් පමණ වියදම් කළ විදෙස්  පුහුණුවීම් සඳහා සහභාගී වී ඇති වැඩිම පිරිස දේශපාලකයන් බවත්, විද්‍වතුන් පුහුණුවීම් කර ඇත්තේ ඉතා සුළු පිරිසක් බවත් පේරාදෙණිය භූ ගර්භ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි.

මේ සම්බන්ධව විගණනයක් කළහොත් එය හොඳින් තහවුරු වනු ඇතැයි අතුල සේනාරත්න පෙන්වා දුන්නේය.
ඔහු මේ බව පැවසුවේ ගංවතුර ගැලීම් පාලනය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සදහා මහනුවර දී පැවති මාධ්‍ය හමුවකදී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා ආපදා කලමනාකරණ ක්ෂේත්‍රයේ විද්වතුන් ඉංජිනේරුවන්, විද්‍යාඥයන්, පුහුණු කළ යුතු නමුත් එවැනි පුහුණුවීම් ලබා දී නැති බව කීය. එබැවින් ආපදා කළමනාකරණයට අවශ්‍ය කළමනාකරණය රට තුළ සිදු වී නැති බව ඔහු පැවසුවේය.


අද මේ රටේ ජල කළමනාකරණයක් නොමැති බවත්, තෙත් බිම් ගොඩකිරීම්, කැලෑ එළිකිරීම්, වැනි පාරිසරික හානි මේ තත්වයට බලපාන බවත් ඔහු පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ විවිධ අවස්ථාවල දී විද්වතුන් පැවති සෑම රජයකටම දුන් උපදෙස් ඔවුන්ට ඡන්දයක් එනවිට අමතක වෙනවා. නැවත ජල කළමනාකරණය ගැන කතා කරන්නෙ ගංවතුරක් එද්දි…“ මහාචාර්යවරයා පැවසුවේය.

Exit mobile version