වන්නිලා ඇත්තෝ තනි වෙති… බිරිය හීන්මැණිකේ කොවිඩ් ආසාදිතව මිය යයි!

wannilaeththo henmenika

වන්නිලා ඇත්තන් සහ හීන් මැණිකේ පසුගිය 18 දා මී පැණි පූජාවට එක් වූ අයුරු...

කොවිඩ් ආසාදිතව සිටි ආදි වාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ බිරිය හීන්මැණිකේ මීට ස්වල්ප වෙලාවකට පෙර  මිය ගියාය.

හීන්මැණිකේ දරුවන් නව දෙනෙකුගේ මවකි. ඇයට   සහ    පවුලේ සාමාජිකයින් කිහිප දෙනකුට කොවිඩ් ආසාදිතව රෝහල්ගත කර තිබිණි.

හීන්මැණිකේ වන්නිලා ඇත්තන් සමග පසුගිය 18 දා බදාදා මී පැණි පුජාවට මී පැණිත් රැගෙන දළදා වඳින්නත් ආවාය.


තම බිරියට කොවිඩ් රෝගය වැළඳුනු බවට තහවුරු වීම හේතුවෙන් මහියංගන රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව දඹානේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ  පසුගිය 29 දා මාධ්‍යයට ප්‍රකාශ කළහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් නිවුමෝනියා තත්වය ඇති වීම හේතුවෙන් ඇය මහියංගන රෝහලෙන් පේරාදෙණිය රෝහලට මාරු කර එවා තිබිණි.  දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටිය දී ඇය අද මියගොස් තිබුණාය.

Exit mobile version