ආණ්ඩු විරෝධයට දරුවන් ප්‍රාණ ඇපයට ගන්න එපා !- හිටපු අධ්‍යාපන ඇමති ඩලස් ඉල්ලයි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වසර 50ක් තිස්සේ දුක් විඳින ජනතාව අතර වැඩියෙන්ම පීඩාවට පත් වන්නේ දරුවන් බව අප අමතක කළ යුතු නැති බව ිදහස් ජනතා සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.
දරුවන් ප්‍රාණ ඇපයට ගෙන  විරෝධතා නොදක්වා සංවේදීව ඔවුන්ගේ ප්‍රශ්නය දෙස බලන ලෙස සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පවසයි.
සාමාන්‍ය පෙළ සඳහා මේ වන විට ළමුන් ලක්ෂ හයක්  විභාගය පැවැත්වෙන තුරු බලා සිටින බවත් උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් තවත් ලක්ෂ ගණනක් අනාගතය දෙස බලා සිටින බවත් කී ඩලස් අලහප්පෙරුම ආණ්ඩුකරණය යනු ජනතාව පීඩාවට පත් නොකර කටයුතු සැලසුම් කරන  ක්‍රමවේදයක්  බවද කියා සිටියේය
ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහා විහාර මහා සංඝරත්නය මැදිහත්ව කටයුතු කළ යුතු බවට දැනුම් දීම පිණිස නිදහස ජනතා සභාවේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායම අද පෙරවරුවේ මල්වතු අස්ගිරි මහ විහාර ද්වය වෙත පැමිණ සිටියහ. එම අවස්ථාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ඩලස් අලහප්පෙරුම කියා සිටියේය.

Exit mobile version