පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් අතර මේ වනවිට දැඩි විවේචනයට ලක් වන අමාත්‍ය විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් අද පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ගේ කණ්ඩායම් රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහු වෙනුවෙන් කතා කිරීමට ගොස් වාදයක පැටළුණු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට අමාත්‍යවරයාගෙන් පරුෂ වචනයෙන් බැනුම් ඇසීමට සිදුවූ අතර මෙම වාදයන්ට මැදි වු උදය ගම්මන්පිල අමාත්‍යවරයාට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හූ හඬට ලක් විමට සිදු වී ඇත. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීම මත මෙම උණුසුම් ත්ත්ත්වය සමනය කර /ගැනුණු බව මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ දී අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්තයෙන් පැවති මෙම ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ගේ කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තුවේදී පැවති අතර එහිදී අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගිය දිනවල පොදුජන පෙරමුණ පිළිබඳව කරන ලද විවේචන සම්බන්ධයෙන් එහිදී කතා බහක් ඇති විය.
එහිදී මේ පිළිබඳව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා තමන්ට එරෙහිව විමල් වීවරංශ විසින් සිදු කරන ලද විවේචනයක් පිළිබඳව කතා කරමින් සිටියදී අමාත්‍ය වාසුදේව නානායක්කාර “විමල් මෙතන නැති වෙලාවේ මේවා කතා නොකරන්නැ“යි ලෙස ඉල්ලා සිටියේ අමාතය විමල් වීරවංශ මහතා නඩුවක් සම්බන්ධ කරුණක් සඳහා අද මිගමුව උසාවියට ගොස් තිබූ නිසාය.
එහෙත් වාසුදේව නානායක්කාර මහතා දිගින් දිගටම විමල් වීවරංශ මහතා කොළඹ වරාය සම්බන්ධයෙන් කළ කී දෑ සාධාරණිකරණය කරන්නට වූ අතර එයට පොහොට්ටු මන්ත්‍රිවරුන් දැඩි සේ විරෝධය පළ කරන්නට විය.
මේ අවස්ථාවේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග වාසුදේව නානායක්කාර මහතා සමඟ වාදයකට පැටලී ඇති අතර එහිදී කෝපයට පත් වූ ප්‍රසන්න රණතුංග මහතා දැඩි පරුෂ වචනයකින් වාසුදේව නානායක්කාර මහතාට බැන වැදී ඇත. කෙසේ වුවද එහිදී අගමැතිවරයා වහා මැදිහත් වී මෙම වාදය එතනින් නවත්වන ලෙසට කළ ඉල්ලීම අනුව මෙම වාග් ප්‍රහාරය නතර වී අත.
කෙසේ වුවද උදය ගම්මන්පිල මහතාද තමන් සම්බන්ධයෙන් ඔහු නැති අවස්ථාවක් පිළිබඳව කළ විවේචනයක් හේතුවෙන් ද උණුසුම් තත්ත්වයක් හට ගත් අතර මන්ත්‍රිවරුන් ඔහුට බාධාකරමින් හූ කිම සහ කෑ කෝ ගැසීම පාලනය කිරීමද අගමැතිවරයාට කිරීමට සිදුවිය.
ආණ්ඩු පක්ෂයේ පොදුජන පෙරමුණට සම්බන්ධ මන්ත්‍රිවරුන් අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව දැඩි සේ විවේචනය කළද ඔහු වෙනුවෙන් වචනයක් හෝ කතා කිරීමට ඉදිරිපත්ව ඇත්තේ වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පමණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ කිසිදු මන්ත්‍රිවරයතු හො වරාය ගැටලුවේද විමල් වීරවංශ සමග එක් වූ එකදු මන්ත්‍රිවරයකු හෝ මෙම රැස්වීමේදී විමල් වෙනුවෙන් කතා නොකළ බව ලංකාසරට කරුණු අනාවරණය කළ ආරංචි මාර්ග සඳහන් කළේය.







