ආණ්ඩුව හැර නොයන බවට ශ්‍රී.ල.නි.ප ය කියයි!

අජන්ත කුමාර අගලකඩ –

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ මොහොතේ ආණ්ඩුවෙන් ඉවත් නොවීමේ තීරණයකට පැමිණ ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි .

රට බරපතළ අර්බුදයකට ලක්ව ඇති මේ අවස්ථාවේ ආණ්ඩුවෙන් යාම සුදුසු නොවන බවත්, ආණ්ඩුව සමග එක්ව අර්බුද වලට විසඳුම් ලබාදීමට කටයුතු කළ යුතුව ඇති බවත් ,එම පක්ෂයේ අදහස වී ඇතැයි ට දැනගන්නට ඇත .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ සිටින මන්ත්‍රීවරුන් 14 දෙනාගෙන් අතිබහුතරය එම අදහසේ සිටින අතර  ආණ්ඩුවෙන් යායුතු බවට අදහස් දක්වා ඇත්තේ එක්කෙනකු දෙන්නකු පමණක් බව ද ආරංචි මාර්ගවලින් පැවසේ.


ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව සමඟ තවදුරටත් එක්ව කටයුතු කරනු ඇතැයි ද එම පක්ෂ ආරංචි මාර්ග කියයි .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප –

Exit mobile version