සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ආණ්ඩුව සමෘද්ධි වැඩසටහන ප්‍රතිව්‍යුගත කිරීම මුවාවෙන් කුමන්ත්‍රණයක…” වෘත්තීය සමිති මහා නායක හිමිවරු හමුවී ආණ්ඩුවට අනුශාසනා කරන ලෙස ඉලයි!

by editor
ජනවාරි 6, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ

දශක තුනක් පුරා පැවැති සමෘද්ධි වැඩසටහන ප්‍රතිව්‍යුහගත කිරීමේ රහසිගත කුමන්ත්‍රණය මගින් මිලියන 04 ක කොටස් හිමිකරුවන් සහ සේවක පාර්ශවයට සිදුවන විනාශය වලක්වා ගැනීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලා සමෘද්ධි වෘත්තිය සමිති ඒකාබද්ධ සම්මේලනය මගින් මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානයක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම සහ අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා වෙත අද (06) ලිපියක් බාරදෙනු ලැබීය.

මෙම රහසිගත කුමන්ත්‍රණය තවදුරටත් සිදුවන්නේ නම් ඊට එරෙහිව සේවක පාර්ශවය හා කොටස් හිමිකරුවන් වීදි සටනට පැමිණිම වැලැක්විය නොහැකි බවත් රට හමුවේ අති දැවැන්ත අර්බුදයක් නිර්මාණය වීම වැලැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක  ඇතුළු වත්මන් රජයේ සියලු පාර්ශව යෝජිත ප්‍රතිව්‍යුහගතකරණය හා සේවක ගැටලු විසඳීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කළ යුතුව තිබෙන බවත් ලිපිය මගින් පෙන්වා දෙන සමෘද්ධි වෘත්තිය සමිති ඒකාබද්ධ සම්මේලනය ඒ සඳහා ජනපතිවරයා ඇතුළු පාර්ශව වෙත අනුශාසනා කරන ලෙස මහනාහිමිවරු දෙනමගෙන් සහ අනුනාහිමිවරුන් ගෙන් ඉල්ලීමක් කරයි.

සමෘද්ධි වෘත්තිය සමිති ඒකාබද්ධ සම්මේලනයේ ප්‍රධාන ලේකම් කිත්සිරි ගමගේ, ප්‍රධාන සභාපති අනුර බණ්ඩාර ආරියරත්න, ප්‍රධාන භාණ්ඩාගාරික එන්.ඒ.එම්.බී අබේසිංහ යන මහත්වරුන්ගේ අත්සනින් යුත් කරුණු 11 කින් සමන්විත අදාළ ලිපියේ මෙසේද සඳහන්ය.

සමෘද්ධි බැංකු පද්ධතිය මේ වන විට ප්‍රජා මූල බැංකු 1097 කින් හා ප්‍රජා මූල බැංකු සමිති ඒකක 335 කින් සමන්විතය. මිලියන හතර ඉක්ම වූ කොටස් හිමි අයිතිකරුවන් සහිත රුපියල් බිලියන 400 ක් ඉක්ම වූ ගණනය කළ වත්කම් සහිත සමෘද්ධි බැංකු පද්ධතිය හා සම්බන්ධිත 25000 ක පමණ සේවක පාර්ශවයක් සිටිති.

වෘත්තීය සමිති, පාලන ව්‍යුහයට සෘජුව සම්බන්ධ පාලක මණ්ඩල, විධායක සභා, දිස්ත්‍රික් කමිටු, කළමනාකරණ මණ්ඩල, ජාතික සභා ඇතුළු සියලු පාලන තලයන්හි කොටස් හිමි  ප්‍රජා නායකයින් නොසලකා හැර ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ  ජාතික ජනබලවේගයේ සමෘද්ධි සේවක කණ්ඩායම් කිහිපයක් සමගින් රහසිගත ලෙස නව ප්‍රතිව්‍යුහගත කරනය නම් වූ කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටී.

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

කාමර තුළ රහසිගතව අභිරහස් ලෙස සිදු කරනු ලබන සැලසුම් සදහා සුජාත භාවයක් ලබා දීමට හා විනිවිද භාවයක් ඇති කිරීමට ජාතික ජනබලවේගයේ ඇතැම් කණ්ඩායම් විවිධ මාධ්‍ය සංදර්ශණ පවත්වනු ලබයි.

පසුගිය පාලන සමයේදී සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ හා සේවක පාර්ශවයේ නොවිසඳන ලද ගැටලු නිරාකරණය කර දීමට මැදිහත් වන ලෙසද ලිපිය මගින් සමෘද්ධි ඒකාබද්ධ වෘත්තිය සමිති සම්මේලනය ඉල්ලීමක් කරයි. අසාධාරණයට සහ දුෂණයට එරෙහිව කෝප් කමිටුව‍, කෝපා කමිටුව, පාර්ලිමේන්තු ආංශික අධික්ෂණ කාරක සභා මෙන්ම පාර්ලිමේන්තුව තුළත් සිවිල් සමාජය තුළත් හඬ නගන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාත් ප්‍රමුඛ දේශපාලන අධිකාරිය මේ වනවිට පොරොන්දු වූ ගැටලු විසදීම වෙනුවට අලුතින් ගැටලු නිර්මාණය කර සමස්ත සමෘද්ධි වැඩසටහන හා සේවක පාර්ශවය දැඩි අපහසුතාවයට පත් කර තිබේ.

දිළිදු බව අවම කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම, නවතා ඇති සමාජ ආරක්ෂණ, නිවාස ලොතරැයි හා අනිවාර්‌ය ඉතුරුම් වැඩසටහන් කඩිනමින් ආරම්භ කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ද මහා සංඝරත්නය දැනුවත් කිරීමට සමෘද්ධි ඒකාබද්ධ වෘත්තිය සමිති සම්මේලනය පියවර ගෙන තිබේ.

රට වෙනුවෙන් අතිශය වැදහත් හා අත්‍යවශ්‍යය ප්‍රතිව්‍යුහගත කරණයන් සිදු කිරීමට සියලු පාර්ශවයන් සහයෝගය හා ආශිර්වාදය ලබා දීමට සුදානම්ව සිටින මොහොතක සත්භාවයෙන් සිදු කළ යුතු ප්‍රතිව්‍යුහගත කරණයන් හොර රහසේ සිදු කිරීම පිළිබදව සමස්ත රට වැසියන්ම ප්‍රශ්න කරන තත්ත්වයක් මතුව ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝකයම බලා සිටි මදුරෝ ගේ නඩුව ඇසුන හැටි… සිලියා ෆ්ලෝරස් තැලීම් සහ තුවාල සහිතව අධිකරණය ඉදිරියේ පෙනී සිටී…

Next Post

ඇල්කඩුව වැවිලි සමාගමේ සේවකයෝ වර්ජනයකට අනතුරු අඟවති…

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.