ආණ්ඩුවේ කාබනික සිහිනය ගැන දඹුල්ලේ එළවළු ගොවීන් කියන කතාව…

එක් රැයකින් නියම කළ  කාබනික පොහොර වගාව අවසානයේ දී තමන්ගේ ජීවිත කොම්පෝස්ට් කළ බව දඹුල්ලේ එළවළු ගොවීහු  අප සමග කීහ.

ගෝවා වගාව කිරීම සඳහා රුපියල් ලක්ෂ ගණනින් වැය කළ ගොවීන් වගාව ගිනි තබා දැමීමට සිදුවන තත්වයට පත් වීමේ අඳෝනාව පැවසූහ.

ගෝවා වගාවේ තත්වය

“ අපි වගා කළ විදිහක් තිබුණා. භෝගයකට අවශ්‍ය පෝෂණය ලැබෙන ක්‍රමවේදය අපි අත්දැකීමෙන් දැනගෙන හිටියා. මුලින්ම මේ වගාවට අපට පොහොර නැති වුණා.  කමක් නෑ කියලා කාබනික පොහොර වගාවට යොදා ගන්න උත්සාහ කළා. “


“එහෙම බෑ මහත්තයො… හීන දකින්න බෑ මහ පොළොවත් එක්ක. එහෙම භෝග හැදෙන්නෙ නෑ. මේ කාබනික පොහොර භෝගයට අවශ්‍ය පෝෂණය ලැබෙන්න යොදන විදිහ ගැන මගපෙන්වීමක් නෑ.  කවුරුත් මේ පොහොරවල සංයුතිය දන්නෙ නෑ. අන්තිමට බලන්න මේ වෙලා තියන වැඩේ.“

එක් ගොවි මහත්මයෙක් අපට කීවේය. ඔහු විෂය ගැන ප්‍රායෝගිකව මෙන්ම න්‍යායත්මක අවබෝධයක් සහිත තරුණයෙකි. ඔහු රෝහණ විජේවීරය.

රෝහණ විජේවීර

මේ ඔහු අපට පෙන්වූ ගෝවා වගාවය. ගෝවා ගෙඩි නැත. ඇත්තේ කොලය. ඒ කොල ද පනුවන්ගෙන් කා නාරටි බේරිලාය.

තවත් ගොවි මහත්මයෙක් කියන්නේ පනුවන්ගෙන් පලිබෝධයකන්ගෙන් වගාව බේරා ගැනීමට නොහැකි බවය.

“ කියන කියන තෙල් ජාති ගෙනත් ගැහුවා.  දැන් මේ භෝග මාර්කට් එකට දාන්නත් හිතෙන්නෙ නෑ, අපි දන්නෙ නෑ මේ මොන විස ද අපි මේ වගාවට නාවන්නෙ කියලා. වෙන විකල්පයකුත් නෑ. ගහන බෙහෙත්වලින් ප්‍රතිඵලයකුත් නෑ. වගාව බේරගන්න ඕන හින්ද අද හරියයි හෙට හරියයි කියලා හිතලා අපි මේවා නාවනවා.“

ඔහු කියන්නේ ලක්ෂ ගණනක් වියදම් කර මේ කරන වගාව විනාශ කරන්නේ තමන්ගේ ජීවිතය බවය.

“කණ කර උකස් කරලා අපි ගොවිතැන් කරන්නේ. අපේ ජීවිත ටෙස්ට් කරන්න එපා මහත්තයෝ. ඒක ආණ්ඩුවට කියන්න.“ ඔහු අපට කියන්නේ වේදනාවෙනි.

අවසානයේ අපි සිය අදහස් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීමට කැමති ගොවි මහත්මයෙක් සමග කෙටි සංවාදයක යෙදුනෙමු.

මේ ඔහු අපට කියන කතාවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කරුණාකර ගොබ්බ හීන දකිමින් ගන්නා ගොං ආතල්වලට මේ මිනිස්සුන්ගේ ජීවිත හිලවු නොකරන්න.  මේ තරම් කාලයක් කන් කෙඳිරි නොගා මේ රටේ මිනිස්සුන්ට කන්න දුන්නේ රටට ණය නැති මේ වගේ දිරිමත් මිනිසුන්ය.

Exit mobile version