දිනසේන රතුගමගේ –
රුපියල් දස දහසක මුදලක් ගෙවා මේ දිනවල ගොවීන් විසින් මිලට ගන්නා කිලෝග්‍රෑම් 50 ක යූරියා පොහොර මල්ලක නියමිත බර ප්‍රමාණය නොමති බවට උතුරේ ගොවීන් චෝදනා කොට සිටිති.
කිලෝ ග්‍රෑම් 50 ක් වෙනුවට ඇතැම් පොහොර මිටිවල කිලෝ ග්‍රෑම් 45.7 ක් තිබූ අවස්ථාවන්ද ඇති බව කියන උතුරේ ගොවීන් අනෙක් පොහොර මිටි වලින් සැලකිය යුතු ප්‍රමාණයක කිලෝ ගෑම් 50 ක් නොතිබූ බවද කියා සිටිති.
උතුරේ වෙනත් පෞද්ගලික වෙළද සැල්වල යූරියා මිටියක් රුපියල් 20000 ත් 25000 ත් අතර මිලක් වන නිසා ගොවීන් නියමිත බරක් නොමැති වූවද මේ දිනවල ලබා දෙන යූරියා පොහොර මිලට ගන්නා බවද එම ගොවීහු වැඩි දුරටත් කියා සිටියහ.
Discussion about this post