ආචාර්ය ජීවන්දරගේ කොවිඩ් ප්‍රභේද හඳුනාගැනීමේ වාර්තාව අමාත්‍යංයේ ගල් වෙලා…

Chandima-Jeewandara

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනය මගින් ඊයේ (6) නිකුත් කළ කොවිඩ් ප්‍රභේද හඳුනා ගැනීමේ වාර්තාව මෙතෙක් මාධ්‍ය වෙත නිකුත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යංශය තුළ කිසිදු සූදානමක් නොමැති බව වාර්තා වේ.

අප කළ විමසුමකදී සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ වසංගත රෝග විද්‍යා අංශය වෙත ලැබී තිබෙන ප්‍රභේද හඳුනා ගැනීමේ වාර්තාවන තව දුරටත් අධීක්ෂණය කරමින් පවතින බවත් ඒ පිලිබඳව තමා වෙත නිල වාර්තාව ලැබී නොමැති බවත්ය.

තමා වෙත වාර්තාව ලැබුණු පසුව මාධ්‍යවෙත ප්‍රකාශ කිරීමට කටයුතු කරන බවත් විවිධ මාධ්‍ය මගින් එම වාර්තාවේ සඳහන් කරුණු ප්‍රසිද්ධ කර ඇති නමුත් ඒ පිලිබඳව තමාට වගකීමක් ඇතිව යමක් ප්‍රකාශ කළ හැක්කේ වසංගත රෝග විද්‍යා අංශයෙන් නිලවශයන් අදාල වාර්තාව ලැබුණු පසුව බවත් වෛද්‍ය හේරත් කීවේය.

Exit mobile version