ලිදුල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන ආගරපතන ඇල්බියන් ක්‍රොන්ෆිල්ඩ් කොටසට (09) දින සිට සංචරණ සිමා පනවා තිබේ.
ලිදුල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි වෛද්‍යය ජනත් අබේගුණරත්න මහතා පවසන්නේ එම වතුයායේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු 54 හැවිරිදි තිදරු පියෙකු හමු වු බවයි.
එම අසාදිතයා (08) දින රාත්‍රි පොල්ගොල්ල නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.
ඔහුගේ පවුලේ සමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කර තිබේ.
එම අසාදිතයාගේ ළගම අසාදිතයන් විශාල පිරිසක් එම වතුයායේ සිටින නිසා සෞඛ්‍යය අංශයේ උසස් නිලධාරින්ගේද උපදෙස් මත ක්‍රොන්ෆිල්ඩ් කොටසට සංචරණ සිමා පැනවිමට තිරණය කර ඇත.
එම අසාදිතයාගේ නිවසේ ඉකුත් 28 දින පින්කමක් පවත්වා ඇත.
එම පින්කමට අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් පැමිණි ඥාතියෙකුගෙන් එම තිදරු පියාට කොවිඩ්-19 වෛරසය අසාදනය වි ඇති තිබේ.
එම පින්කමට එම වතුයායේද විශාල පිරිසක් සහභාගි වි ඇති නිසා එම අසාදිතයා පදිංචි කොටසට සංචරණ සිමා පැනවිමට කටයුතු කර ඇත.
අසාදිතයාගේ සමිපතම ආශ්‍රිතයන් පි.සි.ආර්. පරික්ෂණයකට භාජනය කර තිබේ.