ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට ශ්‍රේෂ්ඨාධිකරණ අද (23) වසර දෙකක සිර දඬුවමක් නියම කළේය.
ඒ ඉකුත් පාලන සමයේ විසිට් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධවය.
යසන්ත කෝඳාගොඩ ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේය..
තමන්ට එරෙහි චෝදනා සම්බන්ධව කොන්දේසි විරහිතව වැරදි පිළිගන්නා බව පසුගිය ජුලි මස 01 වැනිදා ආගමන විගමන පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ දී ප්‍රකාශ කර තිබිණි.
ඔහු එදින පැවසුවේ චෝදානාවන්ට තමන් නිවැරදිකරු බවට ප්‍රකාශ කරමින් කළ විත්ති වාචිකය ඉවත් කරගන්නා බවය.







