දිනසේන රතුගමගේ –
නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන ඇති ඉන්දීය ධීවර යාත්‍රා අතරින් යාත්‍රා 105 ක් පලමු වතාවට පෙබරවාරී මස 7 වෙනිදා සිට ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට ධීවර හා ජලජ සම්පත් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝග මත සිදු කෙරෙයි.
ඒ අනුව පෙබරවාරී මස 7 වෙනිදා කරෙයිනගර් ප්‍රදේශයේදී යාත්‍රා 65 ක් ද පෙබරවාරී මස 8 වෙනිදා කන්කසන්තුරේදී යාත්‍රා 5 ක් ද පෙබරවාරී 9 දා කිරන්චි ප්‍රදේශයේදී යාත්‍රා 24 ක් ද පෙබරවාරී 9 දා තලෙයිමන්නාරමේදී යාත්‍රා 9 ක් ද පෙබරවාරී මස 10 දා කල්පිටියේදී යාත්‍රා 2 ක්ද වෙන්දේසි කිරීමට නියමිතය.
අදාල දිනවලදී පෙරවරු 10 සිට පස්වරු 4 දක්වා මෙම යාත්‍රා ප්‍රසිද්ධියේ වෙන්දේසි කරනු ලබයි.
නාවික හමුදාව බාරයේ ඇති මෙම යාත්‍රා වෙන්දේසි කොට ඉන් ලැබෙන ආදායමෙන් යම් කොටසක් ඉන්දියාවේ ධීවරයින් වෙත ලබා දෙන ලෙස ඉන්දියාවේ තමිල්නාඩු ධීවර සංගම් වෙතින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කොට තිබුණද වෙන්දේසියෙන් පසුව ලැබෙන ආදායම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳව මේ දක්වා පැහැදිලි ප්‍රකාශයක් නිකුත් කොට නොමැත.
Discussion about this post