බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අහුන්ගල්ල කොවිඩ් ආසාදිත පුද්ගලයාගේ අවසන් කටයුතු සාමාන්‍ය ආදාහනයක් ලෙස සිදු කරලා…

by editor
දෙසැම්බර් 13, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය-

  • මුල්වර කොවිඩ් අසාදිතයෙක් බව තහවුරු වෙලා… සුව වී නිරෝධායන මධ්‍යස්ථානයක දින 14ක් නිරෝධායනය වී නිවසට ඇවිත්
  • නිවසේත් දින 14ක් නිරෝධායනය වී දින 03ක් රැකියාවටත් ගිහින්
  • ඇද වැටී මිය ගිය පසු කළ පී.සී.ආර් පරීක්ෂණයේ දී කොවිඩ් ආසාදිත බව තහවුරු වෙලා…. එහෙත් සිදු කර තිබන්නෙ සාමාන්‍ය ආදාහනයක්..
  • කොවිඩ් ආසාදිත වි සුව වූ අයගේ දිගු කලක් යන තෙක් පීසීආර් පොසිටිව් විය හැකි වුවත් ඔවුන්ගෙන් නැවත රෝගය බෝ නොවන නිසා සාමාන්‍ය ආකාරයෙන් ආදාහන කටයුතු සිදු කිරීම ගැටලුවක් නෑ කියලා…

බලපිටිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරී කාර්යාලයට අයත් අහුන්ගල්ල අක්කර විස්ස ප්‍රදේශයේ හදිසියේ ඇද වැටී ජීවිතක්ෂයට පත් වූ   අයගේ දේහය සම්බන්ධයෙන් සිදුකරන ලද  පීසීආර් පරීක්ෂණයේදී මියගිය අය කොවිඩ් ආසාදිත අයෙකු බව තහවුරු වී තිබේ.

මොහුගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු බලපිටිය ප්‍රාදේශීය සභාවට අයත් අහුන්ගල්ල ආදාහනාගාරයේදී සිකුරාදා (11) දින සිදුකර තිබෙන අතර එයට සාමාන්‍ය ආදාහනයකට මෙන් ඔහු ඥාතීන් රැසක්ද සහභාගී වී තිබේ. දේහය ආදාහනය කරා සාමාන්‍ය රථයකින් රැගෙන විත් තිබූ බවද දැන ගන්නට තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ අහුන්ගල්ල, අක්කර 20 ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා මීට පෙර කරන ලද පීසීආර් පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වී බළපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීම මත රෝහල්ගතව ප්‍රතිකාර ලබා නිරෝධායන මධ්‍යස්ථානයක දින 14 ක් නිරෝධානය වූ අයෙකු බව බළපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

පසුව ඔහු තවත් දින 14 ක කාලයක් නිවසේද නිරෝධායනය වී පසුගිය දෙසැම්බර් 06 දින එම කාලයද අවසන් කර තිබේ. පසුව දින 03 ක් මොහු සිය රැකියිවටද ගොස් තිබෙන අතර මරණයට පත්ව තිබුණේ පසුගිය දෙසැම්බර් 09 දින පස්වරුවේය. 

මේ සම්බන්ධයෙන් බළපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් සදහන් කළේ ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි ගේ උපදෙස් අනුව මියගිය අයගේ ආදාහන කටයුතු සිදුකරන ලද බවයි. කොවිඩ් ආසාදිත වි සුව වූ අයගේ දිගු කලක් යන තෙක් පීසීආර් පොසිටිව් විය හැකි වුවත් ඔවුන්ගෙන් නැවත රෝගය බෝ නොවන නිසා සාමාන්‍ය ආකාරයෙන් ආදාහන කටයුතු සිදු කිරීම ගැටලුවක් නොවන බවද එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය.

මෙසේ මියගිය පුද්ගලයාගේ පවුලේ තවත් 05 දෙනෙක්ද කොවිඩ් ආසාදිත වී මේ වන විට සුවය ලබා තිබෙන බවත් ඕනෑම වෛරස් රෝගයක් වැලදී සුව වීමෙන් පසුව වුවද එහි පොඩි පොඩි කොටස් ඉතිරිව තිබිය හැකි බවද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ කාර්යාලය කියයි.

කොළඹ නැව් තාටාකාංගනයේ කොවිඩ් ආසාධිතයෙකු අහුන්ගල්ල, කටුවිල ප්‍රදේශයේ මල ගෙදරකට සහභාගි වීමෙන් මීට මාස 02 කට පමණ පෙර අහුන්ගල්ල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාධිතයින් 46 දෙනෙකු හමු විය. ඒ හා සම්බන්ධව ප්‍රදේශයේ පවුල් 100 කට අධික ප්‍රමාණයක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබූ අතර පුද්ගලයින් 300 කට ආසන්න පිරිසකගේ පීසීආර් පරීක්ෂණද සිදුකර තිබේ. අහුන්ගල්ල, අක්කර 20 යනු කටුවිලට යාබද ගම්මානයයි.

 

 

 

 

  

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් ගණන 29000 ඉක්මවා යයි…

Next Post

ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 150ක් ඉක්මවයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.