අසා නිම කර ඇති ශෂී වීරවංශගේ හොර පාස්පෝට් නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම තුන්වන වරටත් කල්  යයි!

කූට ලේඛන ඉදිරිපත් කොට අවිධිමත් විදේශ ගමන්  බලපත‍්‍රයක් ලබාගැනීම ඇතුළු චෝදනා යටතේ හිටපු  අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන උදයංගනී  රණසිංහ හෙවත් ශෂී වීරවංශට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව නිකුත් කිරීම ලබන 27 වැනිදා දක්වා  කල් තැබීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ශිලනි පෙරේරා නියෝග කළාය.

ඊයේ  මෙම නියෝගය ලබා දී තිබුණේ  අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර තිබූ  එම නඩු දෙක කැඳවූ අවස්ථවේදී ය.

අවසන් වරට කොළඹ පූර්වගාමී අධිකරණයේ ප‍්‍රධාන  මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඉදිරියේදී විභාගයට ගෙන අවසන් කොට තිබූ මෙම නඩු දෙකෙහි   තීන්දුව සකස් කිරීම බුද්ධික සී. රාගල මහතා විසින් සිදුකළ යුතු බැවින් මින් පෙර අවස්ථා දෙකකදී ද තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම කල් තැබීමට සිදුවී තිබිණ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිවයින –


Exit mobile version