සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අශීලාචාර හැසිරීම නිසා ඔලිම්පික් ගම්මානයෙන් පළවාහළ පැරගුවේ දිය කිඳුරිය…

by editor
අගෝස්තු 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

විනය විරෝධී හැසිරීමක් හේතුවෙන් 20 හැවිරිදි පැරගුවේ පිහිනුම් ක්‍රීඩිකා ලුවානා ඇලොන්සෝ ඔලිම්පික් ගම්මාන පරිශ්‍රයෙන් ඉවත් කර තිබේ.

දැනට පැවැත්වෙන ප්‍රධාන ඉසව්වේ දී ඇය මීටර් 100 සමනල ආර කාන්තා අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට ද අසමත් වූවාය. ඇයට සුදුසුකම් ලැබීමේ කාලය අනුව තත්පර 0.24 ක පරතරයකින් අවසන් පුර්ව වටයෙන් ඉවත් වී තිබිණි.

පැරගුවේ ඔලිම්පික් කමිටු ප්‍රධානී ලැරිසා ෂෙරර් විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ ඇයගේ පැමිණීම පැරගුවේ කණ්ඩායම තුළ පීඩාකාරී වාතාවරණයක් නිර්මාණය කළ බවය. “ඇය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගම්මානයේ රාත්‍රිය ගත නොකළේ ඇයගේ කැමැත්ත මතයි. ඇයගේ හැසිරීම රටේ ඔලිම්පික් නායකත්වය කැළඹීමට හේතු වී ඇත”. ලැරිසා ෂෙරර්ගේ නිවේදනයේ දැක්වේ.

ලුආනා අලොන්සෝ යනු කවුද?

ලුආනා අලොන්සෝ වර්ෂ 2004 සැප්තැම්බර් 19 වන දින පැරගුවේ හි උපත ලැබූවාය. ඇය පැරගුවේ ජාතික පිහිණුම් ශූරියකි. ඇයගේ විශේෂඥතාවය සමනල ආර ඉසව්ව ය. මීටර් 100 සමනල ආර අංශයේ පැරගුවේ ජාතික වාර්තාවට හිමිකම් කියන්නී ඇය ය.

මේ වනවිට ඇය සරසවි සිසුවියකි. ඇය දැනට ඩලස් හි දකුණු මෙතෝදිස්ත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නීය. ඇයට යන්තම් වයස අවුරුදු 17 දී 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලට ඇය එක් වුනාය. මේ රූමත් පැරගුවේ ක්‍රීඩිකාව එදා ලෝකය මත් කළ දසුනක් වූවාය. ක්‍රීඩා මාධ්‍යය ඇයගේ මනරම් රුව විවිධ ඉරියව්වලින් කැමරාවට ග්‍රහණය කරගෙන තිබිණි. කෙසේ වෙතත් ඇය ලෝක ශ්‍රේණිගත කිරීම්වල 28 වැනි ස්ථානය ලැබුවාය. ලුආනාට ටෝකියෝ ඔලිම්පික් උළෙලේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි විය.

පැරිස් ඔලිම්පික් තරඟාවලිය ඇයගේ දෙවන ඔලිම්පික් සහභාගිත්ව විය. මෙහිදීත් ඇය හයවන ස්ථානයට පත්වීමෙන් පසුව අවසන් පූර්ව වටයෙන් ඉවතට විසිවිය. මෙම තරඟාවලියට පෙර ඇය යොවුන් ඔලිම්පික් ක්‍රීඩා, දකුණු ඇමරිකානු ක්‍රීඩා සහ ලෝක ශූරතා තරඟාවලියට ද සහභාගී වී තිබේ.

ඩේලි මේල් වාර්තාවට අනුව, ඇය අශීලාචාර ඇඳුම් පැළඳුම් සහ අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ කටයුතු කරන ආකාරයේ ඇති වියවුල්කාරී ස්වරූපය නිසා ඇය අනෙකුත් තරඟකරුවන්ට බාධාවක් වී ඇත. ලුආනා ඉන්ස්ටග්‍රෑම් හි අනුගාමිකයන් 8,90,000 කට වඩා සිටින ජනකාන්ත චරිතයකි. ඇය සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිනුමේ ප්‍රකාශ කළේ ඇයට එරෙහිව කරන ලද මෙම සියලු ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවය.

“මට පැහැදිලි කිරීමට අවශ්‍ය වූයේ මා කිසි විටෙක කිසි විවෙකු විසින්වත් පන්නා නොදැමීම හෝ කිසිම තැනක සිට නෙරපා හැරීමක් සිදු නොකළ බවයි…, කරුණාකර අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම නවත්වන්න. මට කිසිම ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය නැත, නමුත් මම බොරුවලට මට බලපෑම් කිරීමට ඉඩ දෙන්නෙ නෑ..” ඇය එම ප්‍රකාශයේ සඳහන් කර ඇත.

“මේ මගේ අවසාන තරඟය යි. මම පිහිනුම් ක්‍රීඩාවෙන් සමුගන්නවා.” ලුආනා කීවාය.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අන්තර්වාර පාලනයේ වගකීම භාරගන්න නොබෙල් සාම ත්‍යාග ලාභී මහමුද් යූනුස් බංගලාදේශයට යළි පැමිණෙයි!

Next Post

පොලිස්පතිවරයා නැතිව පොලිසිය අවුල් බව පෙන්වන්න ඇතැම් පොලිස් ප්‍රධානීන් ගේමක! පොලිසියේම ආරංචි මාර්ග හෙළි කරයි…..

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.