විද්වත් සංරක්ෂක විධි නියමන් නොසලකා විශ්ව වාස්තු උරුමයක් වූ පොලොන්නරුව කිරිවෙහෙරේ ආරක්ෂිතව ඇති අවුරුදු 900ක් පැරණි මිල කළ නොහැකි බදාම තලය සහිත පෞරාණික ගර්භයේ ස්ථාන 100ක ඇණ විද විනාශ කිරීමට එරෙහිව පුරාවස්තු සුරැකීමේ සංවිධානය අද පොලිස් මූලස්ථානයේ පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවේය.
එම සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියන් ප්‍රමුඛ සංඝයාවහන්සේ විසින් සංරක්ෂණ කටයුතු සිදුකරන මධ්‍යම සංස්කෘතික අරමුදලට එරෙහිව මෙම පැමිණිල්ල ගොනුකර තිබිණි.
එම සංවිධානය පවසන්නේ මෙම සංරක්ෂණ කටයුතු සිදුකරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයකින් තොරව, මෙම සංරක්ෂණ කටයුතු සඳහා පත්කළ විශේෂඥ කමිටුවේ නිර්දේශ නොසලකා හරිමින් බවය.
ඉන් රටට ජාතියට පමණක් නොව, ලෝකයටම මේ විශිෂ්ට වාස්තු උරුමය නැතිවී යන බව පැමිණිල්ල ගොනුකරමින් පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේය සමිත හිමියෝ දන්වා සිටිති.
පුරවිද්‍යා ආඥාපනත රටේ නීතිය බවත් එම පනත උල්ලංඝණය කරමින් සිදුකරන මේ නීතිවිරෝධි අපරාධය වලක්වන ලෙසත් මේ පැමිණිලිකරුවෝ ඉල්ලති.