අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු 75ක් දේශපාලකයින් විනාශ කළ රට ජනාධිපතිවරයා තනි පුද්ගලයෙක් ලෙස ගොඩ නගනවා… සංචාරක හා ඉඩම් ඇමති හරීන් ප්‍රනාන්දු  

by editor
අගෝස්තු 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter
  • ආණ්ඩු හෝ දේශපාලනඥයන් වෙනස් වන විට වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් සති දෙකක්   ඉදිරිපත් කරනවා

  • සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ වැඩපිළිවෙළක් දැනටමත් සූදානම්…

ආණ්ඩු හෝ දේශපාලනඥයන් වෙනස්  වන විට, වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් රටට ඉදිරිපත් කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්ව  පුළුල් අධ්‍යයනයකින් පසු සකස් කළ එම ප්‍රතිපත්තිය මේ වන විට කැබිනට් මණ්ඩලය වෙත යොමු කර තිබෙන බවත්,  එහි ක්‍රියාකාරිත්වය  පිළිබඳව ඉදිරි සති දෙක තුළ රටට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මෙම අදහස් පළ කර සිටියේ  ‘ස්ථාවර රටකට සැවොම  එක මඟකට’ මැයෙන් අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට ගොඩනැඟිමට ගෙන යන නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ සමඟ අද සංචාරක ක්ෂේත්‍රයේ ද පිබිදීමක් දක්නට ලැබෙනවා. එදා රට භාර ගැනීම ප්‍රතික්ෂේප කළ නායකයන් අතර, නොබියව එම අභියෝගය භාරගත් ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණක් බව කිව යුතුයි. “

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීම මෙරට ඩොලර්  අර්බුදය විසඳා ගැනීමට ඇති ප්‍රධාන ප්‍රවේශයක් ලෙස පෙන්වා දිය හැකියි. මීට වසරකට පෙර සංචාරක ක්ෂේත්‍රය පැවති තත්ත්වයට වඩා අද ලබා තිබෙන ප්‍රගතිය පිළිබඳ නිහතමානී සතුටක් තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ සංචාරක  ක්ෂේත්‍රය නඟා සිටුවීමට විශාල දායකත්වයක් ලබා දෙනවා. අප එය තවත් ප්‍රවර්ධනය කළ යුතුයි. “

“ශ්‍රී ලංකාව ඉතා සුන්දර රටක්.  නමුත් මෙම සුන්දර රටේ වටිනාකම කිසිවෙකු තවම තේරුම්ගෙන නැහැ. ඒ වගේම මේ රට නිධානයක්. මේ නිධානයෙන් ප්‍රයෝජන ගන්නේ කෙසේද කියා අප තවම සිතා නැහැ. ඒ සඳහා අවශ්‍ය ආකල්පමය වෙනස සිදු කිරීම තමයි ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ වී තිබෙන්නේ. “

“අද මේ රට පත්ව තිබෙන තත්ත්වයට පසුගිය වසර 75 තිස්සේ මේ රට පාලනය කළ දේශපාලනඥයන් වගකිව යුතුයි. නමුත් අද තනි පුද්ගලයෙකු රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටිනවා. “

“සංචාරකයන්ට සුන්දර ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ අප මේ වන විටත් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම සංචාරකයන්ගේ පැමිණීම තවදුරටත් ඉහළ නංවා ගැනීමට නම් සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත ප්‍රායෝගික ගැටලු රැසක් විසඳිය යුතුව තිබෙනවා.”

“මෙරට සංචාරක ආකර්ශනය දිනාගත් ස්ථානවල පවතින තදබදය අඩු කිරීමට ඉදිරියේ දී වැඩපිළිවෙළක් හඳුන්වාදීමට ද අපේක්ෂා කරනවා. එසේම මහජන ආරක්ෂක අමාත්‍යාංශය සමඟ එක්ව සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර තිබෙනවා.”

“සංචාරකයන්ගේ පහසුව සඳහා ජංගම දුරකථන යෙදවුමක් මෙන්ම විදෙස් සංචාරකයන්ට මුහුණදීමට සිදුවන විවිධ අක්‍රමිකතා වළක්වා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.”

“ඒ වගේම සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කිරීමට අප කටයුතු කරනවා. ආණ්ඩු සහ දේශපාලනඥයන් වෙනස් වන විට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් මෙරට සංචාරක ක්ෂේත්‍රයට අවශ්‍යයි. අමාත්‍යවරයා වෙනස් වුණා කියා රටේ සංචාරක ප්‍රතිපත්තිය වෙනස් වෙන්න බැහැ. ඒ නිසා දීර්ඝ විශ්ලේෂණයකින් අනතුරුව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්ව සකස් කළ නව සංචාරක ප්‍රතිපත්තිය  අප කැබිනට් මණ්ඩලයට යොමු කර තිබෙනවා. එය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න අප ඉදිරි සති දෙක තුළ රටට ඉදිරිපත් කරනවා. “

“මෙතෙක් අපට තිබූ අභියෝගය වූයේ මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනිමයි. ඒ වගේම ඉදිරියේ දී මුහුණ දීමට සිදුවන අභියෝගය වන්නේ සංචාරක කේෂ්ත්‍රයේ ගුණාත්මකභාවය පවත්වාගෙන යන්නේ කෙසේද යන්න. මෙරට හෝටල් ක්ෂේත්‍රයේ  සේවය කරන්නන් පළමු සේවා සහතිකය ලබා ගත් විගසම විදෙස් රැකියා සඳහා පිටත්ව යනවා. පසුව සිදු කෙරෙන්නේ ඒ වෙනුවෙන් වෙනත් අයෙකු බඳවා ගැනීමයි.  මේ තත්ත්වය මෙරට හෝටල් ක්ෂේත්‍රයේ  විශාල ගැටලුවක් ලෙස මම දකිනවා. එය ඇතුළු ක්ෂේත්‍රයේ තිබෙන අනෙකුත් ගැටලු විසදීමට අප කඩිනමින් පියවර ගන්නවා.”

“සංචාරකයන් ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන සම්බන්ධයෙන් විවෘත කෙටි චිත්‍රපට උළෙලක් පැවැත්වීමට  ද තීරණය කර තිබෙනවා. කේෂ්ත්‍රයේ ප්‍රවීනයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් තුළින් හොඳම කෙටි චිත්‍රපට 10 තෝරා  ගෙන ඔවුන්ට මූල්‍යමය ත්‍යාග ලබා දීමට, මෙන්ම ඔවුන්ට විධිමත් පුහුණුවක් ලබාදීමට ද සැලසුම් කර තිබෙනවා. මෙම වැඩසටහන වාර්ෂිකව පැවැත්වීමටත් කටයුතු කරනවා. “

“ඒ වගේම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය ඉලක්ක කර ගනිමින් හිල්ටන් හෝටල් සමූහයේ  අතිසුඛෝපභෝගී හෝටලය එළැඹෙන 19 වනදා යාල ප්‍රදේශයේ දී ජනාධිපතිවරයා අතින් විවෘත කිරීමට නියමිතයි. ඒ හා සමගාමීව සංචාරක ප්‍රචාරක වැඩසටහන් මාලාවක් ද  දියත් කිරිමට සැලසුම් කර තිබෙනවා. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

13 එල්ලී දැඟලුවොත් ජනවරමක් නැති ජනාධිපතිට ඉක්මනින්ම ධූර කාලය නිමා කරන්න සිද්ධ වේවි… ජාතික සංඝ සම්මේලනය කියයි!

Next Post

ගෝඨාභයගේ ජන වරමේ ඉතිරි කොටස ගෙවා දමන්නට පැමිණි රනිල්ට 13 මුලුමනින්ම බලාත්මක කරන්න සදාචාරාත්ම අයිතියක් නෑ… අස්ගිරි නා හිමිවරු කියති!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.