අවුරුදු 13ක් නඩු අසා පාසල් සිසුවියට අතවර කළ සල්ලාලයාට අද දඬුවම් දෙයි… අවුරුදු 10ක් බරපතල වැඩ ඇතිව හිරේ!

හැටන් රංජිත් රාජපක්ෂ –

පාසල් සිසුවියක් අපයෝජනය කිරිමේ චෝදනාව යටතේ  වසර 13ක් පුරා ඇසුණු නඩුවකින් අනතුරුව  අපරාධකරු    වසර 10 ක බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගත කිරිමට මහාධිකරණ විනිසුරු විරාජ් වීරසුරිය  නියෝග කළේය.

මෙසේ වසර දහයක බරපතල වැඩ සහිතව සිර දඩුවම් නියම වුයේ නානුඔය ප්‍රදේශයේ පදිංචි ෆාරුක් මොහොමඩ් සලිඩ් (52) නැමති පුද්ගලයෙකි.

චුදිත 2011 වසරේ නානුඔය ප්‍රදේශයේ අවු 16 හැවිරිදි පාසල් සිසුවියකට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් එම සිසුවියගේ දෙමව්පියන් විසින් නානුඔය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.

වසර 13ක් තිස්සේ  විභාග වෙමින් පැවති මෙම නඩුවේ විත්තිකරුට එරෙහිව ලැබි තිබු සාක්ෂි මත මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම නඩු තින්දුව ලබා දී තිබිණි.


සිර දඩුමට අමතරව වින්දිත සිසුවියට රු ලක්ෂ පහක වන්දි මුදලක් ගෙවන ලෙසට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කල අතර , එම වන්දි මුදල ගෙවීමට අපොහෝසත් වුවහොත් ලබා දි ඇති සිර දඩුවම් කාලයට අමතරව තවත් වසර තුනකින් දිර්ඝ කිරිමට විනිසුරුවරයා නියෝග කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවද චුදිතට රුපියල් 15,000 ක දඩ මුදලක් අධිකරණය වෙත ගෙවන ලෙසට නියෝග කළ විනිසුරුවරයා එම දඩ මුදල නොගෙවන්නේ නම් සිර දඩුවම් කාලයට අමතරව තවත් මාස තුනකින් සිරදඬුවම දිර්ඝ කිරිමට නියෝග කළේය.

Exit mobile version