පුරා වසර දහයක් තිස්සේ හෝමාගම පොලිසිය විසින් නීති විරෝධී ලෙස ජලය ලබාගත් ජල පද්ධතියක් විසන්ධි කිරීමට ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ රත්මලාන හදිසි වැටලීම් ඒකකය අද ( 07) කටයුතු කළේය.
මෙම වැටලීම කර ඇත්තේ ජලසම්පාදන මණ්ඩලයට ලද විශේෂ තොරතුරක් අනුවය. ඒ අනුව සිදු කළ වැටලීමේ දී දස වසරක් තිස්සේ හෝමාගම පොලිසිය කළ ජල හොරකම හෙළිදරවු කරගත හැකි විය.
මේ ජල හොරකම පිළිබඳ නීති මගින් කටයුතු කර ඒ සඳහා මණ්ඩලයට අහිමි වූ ලක්ෂ 15කට අධික මුදල ගණනය කර පොලිස් දෙපාර්තමේන්තුවෙන් අයකරගැනීමට කටයුතු කරන බව ජලසම්පාදන හා ජලපවහන මණ්ඩල ප්රකාශකයෙක් පැවසීය.