අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු හතක් තිස්සේ රටේ හාල් ඇටයක ආරක්ෂිත ආහාර සංචිතයක් නෑ…

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව “බුල් කෙළින හැටි“ විගණනයෙන් හෙළි වේ…

by editor
මාර්තු 10, 2021
in පුවත්
Brand New Storehouse,cargo

Brand New Storehouse,cargo

Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • අවුරුද්දකට මෙට්‍රික් ටොන් ලක්ෂයක ආරක්ෂිත සහල් සංචිතයක් පවත්වා ගත යුතුයි… ඒත් 2012 සිට කිසිම සංචිතයක් පවත්වාගෙන නෑ…
  • රටපුරා ගබඩා 120යි… විද්‍යාමක ගබඩා 06යි… විද්‍යාත්මක ගබඩා නවීකරණය කරන්න වැය කළ මුදල් විසිනව කෝටි තිස් තුන් ලක්ෂයයි… ගබඩාවල සංරක්ෂිත සංචිත නෑ…

වසරකට  මෙට්‍රික්ටොන් ලක්ෂයක් වු ආරක්ෂිත සහල්තොග සංචිතයක් පවත්වාගෙන යාම ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යයක් වුවද දෙපාර්තමේන්තුව සතු කිසිදු ආරක්ෂිත සහල් තොගයක්  2012 වර්ෂයේ සිට 2019. 12.31 වැනිදින දක්වා කාලය තුළ දෙපාර්තමේන්තු ගබඩාවල පවත්වාගෙන ගොස් නොතිබු බව  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත සහල් තොග පවත්වාගෙන යාමේ අරමුණින් දිවයින පුරා ගබඩා  120ක් ඇතුළු විද්‍යාත්මක ගබඩා 06ක් නවිකරණය කොට තිබුණි. විද්‍යාත්මක  ගබඩා නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය ඇගයිම සඳහා පමණක් 2012 වර්ෂයේ  සහල්  මෙට්‍රික්ටොන් හය ලක්ෂ හැට එක් දහස් පන්සිය හැට හතක් ( 6,61,567) ක් ගබඩාකොට තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

විද්‍යාත්මක  ගබඩා නවිකරණය කිරීම සදහා වැය කළ රුපියල් විසිනව කෝටි, විසිතුන් ලක්ෂ එකොළොස් දහස් නවසිය හතලිස් පහක් ( 29,23,11,945)ක්වු   රජයේ ප්‍රතිපාදන වලින්  නිසි ප්‍රතිලාභ මහජනතාවට  ලබා දීමට නොහැකිවු බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ආරක්ෂිත සහල්තොග නොපැවතීම නිසා වෙළඳපොළ තුළ සහල් හිඟව පවතින කාලවලදි වෙළඳපොළ තුළ සහල් සුලභතාවය ඇතිකරගැනීම සඳහා වෙළඳපොළට සහල් නිකුත් කිරීමට නොහැකිවි තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

කෙසේවුවද 2014 වර්ෂයේ දි  සමුපාකාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතුව සහල් මෙට්‍රික්ටොන් 4267.93ක් ද , ලංකා සතොස ආයතනයේ සහල් තොගයක්ද ,2017 වර්ෂයේ දී  සමුපාකාර තොග වෙළද සංස්ථාව සතු සහල් මෙට්‍රික්ටොන් 13054 විද්‍යාත්මක ගබඩාවල ගබඩාකොට තිබු බවද විගණන වාර්තාවේ දැක්වේ. මේ හේතුවෙන් දේපාර්තමේන්තුවේ අරමුණු ඉටුකරගැනිම වෙනුවට  රාජ්‍ය හා පුද්ගලික ආයතනවල අරමුණු ඉටුකරදිම වෙනුවෙන් කටයුතු කිරිමට සිදුවි තිබු බවද විගණන වාර්තාවේ දැක්වේ. එමෙන්ම දෙපාර්තමෙන්තුවේ ගබඩාවල කාර්යක්ෂමතාවය, ඵලදායිතාවය ළඟාකරගැනීමට  නොහැකිවි තිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.. කුලී පදනම මත ලබා දී තිබු ගබඩාවලින්ද   ගබඩා කුලී නියමිත පරිදි අයකර නොගැනිම නිසා ගබඩා කුලි ආදායම අඩුවි තිබුණි.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ආරක්ෂිත සහල් තොග ගබඩාවල නොපැවතීම හේතුවෙන් ගබඩා ධාරිතාවය උපරිම ප්‍රයෝජනයට  ගෙන නොතිබු අතර  ගබඩා නිෂ්ක්‍රිය පැවතිම, වේයන්ගොඩ පරිශ්‍රයේ යටිතල පහසුකම් ප්‍රයෝජනයට නොගැනිම, අධික මාසික විදුලි පිරිවැයක් දැරිමට සිදුවිම, රසායනාගාර නිෂ්ක්‍රිය පැවතිම ගැනද විගණන වාර්තාවේ දැක්වේ. 

තත්ව පාලන නිලධාරි හා ධාන්‍ය සමික්ෂක තනතුරු සඳහා ප්‍රමාණවත් කාර්යභාරයක් නොපැවතිම ආදිය ද විගණනය මගින් අනාවරණය කොට ඇත. කුලී පදනම මත ලබා දි ඇති දෙපාර්තමේන්තු සතු ගබඩා වලින් 2019.12.31 වැනි දිනට  රුපියල් 111,161,637ක් අයවීමට පැවති අතර  එම හිගකුලි අයකරගැනීම  සම්බන්ධව  ප්‍රමාණවත් ක්‍රියාමාර්ග  ගැනීමට දෙපාර්තමේන්තුව  අපොහොසත්ව තිබු බවද විගණන වාර්තාවේ දැක්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බුර්කාවට සහ මද්‍රාසා පාසල්වලට ළඟදීම තහනමක්

Next Post

අ.පො.ස. සා.පෙ. පිළිතුරු පත්‍ර ඇගයිම 27 දා ඇරඹෙයි….

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.