කොවිඩ් වසංගතය මහාපරිමාණයෙන් ව්‍යාප්ත නොවීමට අපි සියලුම දෙනා කටයුතු කළහොත් පමණක් සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරිය හැකි යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සදහන් කරයි.
මේ වන විට බොහෝ රටවල් ඔමික්‍රොන් වයිරසය වසංගතයක් ලෙස පැතිර ගොස් ඇති නමුත් අප රට තුළ මෙය තවමත් මූලික අදියරේ තිබෙන බැවින් මෙය ව්‍යාප්ත වන ලෙස කටයුතු නොකිරීමට අප සෑම කෙනෙකුම කටයුතු කළ යුතු යැයිද විශේෂඥවරයා සදහන් කරයි.
මාත්‍රා තුනම ලබා ගත් පුද්ගලයින් පවා අද වන විට අවදානම් තත්ත්වයක සිටින බැවින් සෞඛ්‍ය මාර්‌ගෝපදේශයන් අකුරටම ක්‍රියාත්මක කරන්නැයි වෛද්‍ය හේරත් සියලුම ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
එන්නත් මාත්‍රා තුනම ලබා ගත් පුද්ගලයෙකුට වුවද කිසිවිටකවත් නව සාමාන්‍යකරණයට මිස පැරණි සාමාන්‍යකරණයට යා නොහැකි යැයි පෙන්වා දෙන වෛද්‍ය හේරත් රට සෑම තැනකින්ම ආසාදිතයින් වාර්තා වීම තුළකොවිඩ් පොකුරක් ලෙස හදුන්වා දිය නොහැකි බවද සදහන් කරයි.







