අමාත්‍ය ජී.එල්. පීරිස් සහ ගුරු සංගම් අතර පැවති සාකච්ඡාව අසාර්ථක වී ඇති බව ගුරු සංගම් නිවේදනය කරයි.
සිය වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව පවත්වාගෙන යන බවත් හෙට උදේ කොළඹට ප්‍රවේශවන ප්‍රධාන ප්‍රවේශ මාර්ග හතරින් කොට්ටාව, මොරටුව, කඩවත සහ වැලිසර සිට ජනාධිපති ලේකම් කාර්යාලයට රථ පෙළපාළියකින් පැමිණ විරෝධය දැක්වීමට තමන් කටයුතු කරන බව ගුරු සංගම් වැඩිදුරටත් පැවසීය.
ඇමතිවරයා පවසා තිබුණේ කැබිනට් මණ්ඩලය තීරණය වී ඇත්තේ මේ අවස්ථාවේ වැටුප් වැඩිවීමක් සඳහා යා නොහැකි බව මෙන්ම සුබෝධිනී කමිටු වාර්තාවට වැටුප් කොමිසමේ අනුමැතිය ලැබී නැති නිසා ලබන අයවැයෙන් විසඳුමක් ලබා දීමට කටයුතු කළ හැකි බවය.
මේ පිළිබඳ ඊලඟ කැබිනට් රැස්වීමේද කතා කිරීමට කටයුතු කරන බව ඇමතිවරයා පවසා තිබිණි.
ඒ යෝජනාවට එරෙහි වූ ගුරු සංගම් අඛන්ඩ වර්ජනය සහිත වෘත්තීය අරගලය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව දන්වා ඇත.