අවම බස් ගාස්තුව රුපියල් 30ක් විය යුතුයි… සහන නැතිනම් සඳුදා සිට පුද්ගලික බස් නෑ… බස් සංගම්

බස් ගාස්තු වැඩිකිරිමට හෝ සහනාධාරයක් ලබා දීමට රජය කටයුතු නොකරන්නේ නම් ලබන සදුදා සිට බස් ධාවනය මුලුමනින්ම නතර කරන බව  පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සදහන් කරයි.

ලංකා ඛනිජතෙල් සංස්ථාවේ ‌තෙල් මිල ඉහළ යාමත් සමග ඩීසල් සියයට 45න් ඉහළ ගිය බැවින් එම මිල වැඩිවීම හරහා පැරණි බස් ගාස්තුවලට බස් ධාවනය කළ නොහැකි බව සංගමයේ සභාපති ගැමුණු විජේරත්න  සදහන් කරයි.

ලංගම ඩිපෝ හරහා හෝ සමුපාකාර ඩිපෝ හරහා පැරණි මිලට ඩීසල්  ලබාදෙන්නේ නම් බස්ගාස්තු ඉහළ නොදමන බවත් හෙට (13) දිනයේදී මේ සම්බන්ධයෙන් රජය නිසි විසදුමක් ලබා නොදුනහොත් සදුදා සිට බස් ධානවනය මුලුමනින්ම නතර වනු ඇති බවත් ගැමුණු විජේරත්න අනතුරු අගවා සිටියි.


මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා සමග සාකච්ඡා කර ඇමතිවරයාව දැනුම්වත් කළ බැවින් හෙට දිනයේදී අවම බස්ගාස්තුව ප්‍රකාශයට පත් කළ හැකි වනු ඇතැයි හෙතෙම පැවසිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බස්  ගාස්තු වැඩිවීම සියයට 15න්  සිදුකළ යුතු අතර අවම බස් ගාස්තු  රුපියල් 30ට අඩු වනු ඇතැයිද ඔහු පෙන්වා දේ.

Exit mobile version