සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

අවබෝධයෙන් දික්කසාදයට… බිල් ගේට්ස් යුවල වෙන් වේ….

by editor
මැයි 4, 2021
in ජීවිතය, පුවත්
Share on FacebookShare on Twitter

චතුර රුවන් වීරක්කොඩි –

ලෝකයේ බිලියනපතියන් අතර සිව්වැන්නට සිටින්නේ  බිල් ගේට්ස් යුවළය. ඔවුන් දික්කසාද වීමට තීරණය කර ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසන්නේය. 1994දී විවාපත් එම දෙපළ වසර 27කට පසු මෙවැනි තීරණයක් ගැනීම පිළිබඳව ලෝක ව්‍යාපාරික ප්‍රජාව දක්වන්නේ අතිශය උත්සුකකාරී ස්වභාවයකි.

බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් මේ වන විට වයස පිළිවෙලින් අවුරුදු 65ක් සහ 56 ක් වන අතර දරුවන් තිදෙනෙකුගේ මව්පියන් වේ. “After a great deal of thought and a lot of work on our relationship, we have made the decision to end our marriage” යනුවෙන් ට්වයිටර් සමාජ අඩවියේ ඔවුහු නිවේදනයක් කර තිබුණහ.

“බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම”

2000 වසරේදී ගේට්ස් යුවළ විසින්  ගොඩනැංවූ “බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම” විසින් මේ දක්වා ගෝලීය සෞඛ්‍ය නගා සිටුවීම, දරිද්‍රතාව මෙලොවින් තුරන් කිරීම සහ තවත් කාලීන අරමුණු උදෙසා වැය කර ඇති ධනස්කන්ධය ඇමෙරිකානු ඩොලර් බිලියන 53.8කි.

“අප දෙදෙනාගේ එකතුවීම නිසා ශක්තිමත් දරුවන් තිදෙනෙක් සහ බිඳහෙලිය නොහැකි පදනමක් බිහිකරන්නට හැකි වූනා. ඒ මගින්   දිළිඳු ප්‍රජාවගේ සෞඛ්‍ය නගා සිටුවීමට හැකිව තිබෙනවා. අපට විවාහක යුවළක් වශයෙන් තව දුරටත් ඉදිරියට යා නොහැකියි.  නමුත් පදනම වෙනුවෙන් අපි දෙදෙනා ඉදිරියේදිත් එක්ව වැඩ කරන්නට අපේක්ෂා කරනවා.”  ඔවුහු නිවේදනය කළහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නිවේදනයේ සදහන් පරිදි විවාහ බැඳීම පමණක් මෙසේ බිඳීයන අතර ඔවුන්ගේ ව්‍යාපාරික සම්බන්ධතාවලට කිසිඳු බලපෑමක් ඉන් ඇති නොවේ. නමුත් මයික්‍රොසොෆ්ට් සමාගම සතු වත්කම් බෙදීයාම මත ලොව බිලියනපතියන්ගේ ලැයිස්තුවෙහි වෙනසක් සිදුවීමට නියමිතව තිබේ.

ෆෝබ්ස් සඟරාවට අනුව බිල් ගේට්ස් සතු වත්කම් ප්‍රමාණය ඇ.ඩො. බිලියන 130කි.  ඔහු බිලියනපතියන්ගේ ලැයිස්තුවේ හතර වෙනි ස්ථානයේ පසුවේ. 1975 වසරේදී පෝල් ඇලන් සමඟ ආරම්භ කරන ලද මයික්‍රොසොෆ්ට් සමාගමේ අද වටිනාකම ඇමරිකන් ඩොලර් ට්‍රිලියනයද ඉක්මවා ගොස් ඇත.

විවාහ දිනය දා

ඇ.මරිකන් ඩොලර් බිලියනයක් උපයමින් 1987 දී ලොව ලාබාලම බිලියනපතියා ලෙස (වයස අවුරුදු 31) බ්ලූම්බර්ග් දර්ශකයට ඇතුළත් වූ බිල් ගේට්ස්ට මෙලින්ඩාව මුණගැසී ඇත්තේ ඊට වසර කිහිපයකට පෙර සමාගමේ කළමණාකාරවරියක් ලෙස සම්මුඛ සාකච්ඡාවට පැමිණි අවස්ථාවේදීය. වසර ගණනාවක් පැවති ප්‍රේම සම්බන්ධතාව 1994දී විවාහයකින් කූටප්‍රාප්ත වූයේය.   ඔවුන්ගේ මංගලෝත්සවය හවායි දූපතෙහි ලනායිහිදී   පැවැත්විණි.

1995දී ලොව ධනවත්ම මිනිසා බවට පත් වූ බිල් ගේට්ස් 2017දී ජෙෆ් බෙසෝස් විසින් එම ස්ථානයට පත්වන තෙක්ම වසර 20කට වැඩි කාලයක් ලොව අංක එකේ ධනවතා ලෙස වැජඹුණි. ඉන් පසු එලන් මස්ක්, මාක් සකර්බර්ග් වැනි බිලියනපතියන් ද ඔහුව අභිබවා ගියේය.

බිල් ගේට්ස්ගේ වත්කම් අතර Berkshire, Waste Management, Caterpillar, Walmart, FedEx වැනි සමාගම්වල කොටස්, කැලිෆෝනියාවේ සුඛෝපභෝගි සුවිසල් මැදුර, වොෂින්ටන් වතුයාය, විශාල ගොවි ඉඩම් ප්‍රමාණයක්, පෞද්ගලික ගුවන්යානය හා ජෙට් යානය සහ අධි සුඛෝපභෝගි මෝටර්රථ එකතුවක්ද වේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ වැඩිම ගොවිබිම් ප්‍රමාණයක හිමිකරුවා වන්නේද බිල් ගේට්ස්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පලා නෙලන්නට ගිය මව සහ දෙදරුවන්ගේ සිරුරු කටාන හල්පෙ විලෙන් හමුවේ…

Next Post

ලක්ෂ 6ක් අඩුයි… “එන්නත් කොක්ටේල් එකක්“ ගැන පරීක්ෂණ කරනවා…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.