අවදි වෙන්න.. කෝපි සුවඳ බලන්න.. 370 වගන්තිය ඉතිහාස ගත වෙනවා

‘370 වගන්තිය’ ඉතිහාස ගත වෙන බව ඉන්දීය විදේශ කටයුතු ඇමති කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාකිස්ථාන විදේශ අමාත්‍ය බිලාවල් බූතෝ ෂැංහයි සංස්ථාපිත සංවිධානය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට සමගාමීව ජම්මු හා කාශ්මීරය සම්බන්ධයෙන්  ව්‍යවස්ථාවේ 370 වගන්තිය අවලංගු කිරීම පිළිබඳව අදහස් දැක්වීමෙන් පසුව ඔහුගේ අදහස්වලට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර මහතා පැවසුවේ ‘අවදි වෙන්න.. කෝපි සුවඳ බලන්න.. 370 වගන්තිය ඉතිහාස ගත වෙනවා..” යනුවෙනි.
භූතෝගේ ප්‍රකාශය ජාත්‍යන්තර කැපවීම උල්ලංඝනය කිරීමක් බව ද ජයිශංකර් මහතා පැවසීය.
අසල්වැසි රට පහත වැටෙන ගෝලීය ස්ථාවරය සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනය කරමින් විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේ, ‘පකිස්ථානයේ විශ්වසනීයත්වය එහි විදේශ විනිමය සංචිතවලට වඩා වේගයෙන් ක්ෂය වෙමින් පවතී‘ යනුවෙන් බව ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ වාර්තා කර ඇත.
ශ්‍රීනගර් හි පැවැත්වීමට නියමිත ජී 20 සමුළුව පිළිබඳව භූතෝගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ජයිශංකර් තවදුරටත් පැවසුවේ ‘පකිස්ථානයට ජී 20 සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති අතර ශ්‍රීනගර් සමඟද සම්බන්ධයක් නොමැති බවයි.

Exit mobile version