දිනසේන රතුගමගේ –
මුලතිව් නායාරූ ගුරුකන්ද විහාරස්ථානයට යාබදව පිහිටි ගණදෙවි කෝවිලේ පොංගල් පූජාවක් සඳහා පැමිණි පිරිසකට 25 දා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් විශේෂ ආරක්ෂාවක් සපයා දී තිබුණි.
මීට වසර දෙකකට ඉහතදී මේ කෝවිලේ පොංගල් පූජාවක් පැවැත්වීමට පැමිණි පිරිස විහාරස්ථානය සමග ආරවුලක් ඇති කරගත් අතර එම විහාරස්ථානය බෞද්ධයන්ට අයත් නොවන බවත් කෝවිල් භූමියේ විහාරස්ථානයක් ඉදිකොට ඇති බවටත් චෝදනා කරමින් විශාල ආරවුලක් ඇති කර ගත්හ.
එදා සිට මේ දක්වා ගුරුකන්ද විහාරට අයිතිවාසිකම් කියන කෝවිලේ පිරිස එම අයිතිය ඉල්ලා අධිකරණ තුනක නඩු පැවරීමක්ද සිදු කොට තිබේ.
මෙවර පොංගල් උළෙලට හින්දු බැතිමතුන් පැමිණීමත් සමගම පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණි නිසා ඔවුන් කිසිදු කලබලකාරී ස්වරූපයක් නොමැතිව පොංගල් පවත්වා පැමිණි පිරිසට දානයද පිරිනමා ආපසු ගොස් තිබේ.