අලුත් පිළිවෙතට ඡන්දය කරන්න සෞඛ්‍යය  සේවකයන් 10000 ක් අවශ්‍යයයි

ඉදිරිපත් කර ඇති සෞඛ්‍යය නියාමනයන් අනුව මැතිවරණය පැවැත්වීම සඳහා සෞඛ්‍ය සේවකයින් 10 000ක් පමණ සේවයේ යෙදවීමේ අවශ්‍යතාවයක් ඇති බවට මැතිවරණ කොමිසම විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිත දැනුම් දීමක් කර තිබේ.

එමෙන්ම මෙම සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් රකිමින් මැතිවරණය පැවැත්විය හැකි ආකාරය සම්බන්දව පෙරහුරුවක් 200 දෙනෙකුගේ සහභාගීත්වයෙන් රාජගිරිය මැතිවරණ කාර්යාලයට නුදුරු පාසලක ලබන ඉරිදා (07)  පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් සැලසුම් කර තිබේ.

සමාජ දුරස්ථ භාවය රකිමින්, නියමිත සෞඛ්‍ය නියාමනයන් අනුගමන කරමින් උදෑසන 7 සිට සවස 4 දක්වා ඡන්දය පැවැත්වෙන ආකාරයත්, ඡන්ද ගණනය කිරීම් කරන ආකාරයත් නිරීක්ෂණය කර තක්සේරුවක් ලබා ගැනීමටත්, ඒ හමුවේ මතුවන ප්‍රායෝගික ගැටලු විසඳා ගැනීමටත් මෙම පෙර හුරුව පැවැත්වීමට හේතු වී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙයින් ලැබෙන නිරීක්ෂණ ඡන්ද පොල පිළිවෙත වෙනස් කරනු ඇතැයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග පවසයි.

Exit mobile version