කොවිඩ් වයිරසය සම්බනධයෙන් පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා, සෛල ජෛව විද්‍යා ආයතනය මගින් පර්යෙෂණ කළ පසු ඒ සම්බන්ධව තවමත් පර්යේෂණයක් සිදු වී නැති බවත් රට තුළ පැතිර යන්නේ ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය දැයි සැක ඇතිවන බවත් සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග පවසයි.
පසුගිය අප්‍රේල්වල ජයවර්ධනපුර සරසවියෙන් කළ පර්යේෂණවලින් රට තුළ එංගලන්ත ප්‍රභේදය පැතිර යන බව තහවුරු කර සොයාගැනීමෙන් අනතුරුව මේ වනතුරුත් ඒ සම්බන්ධව පර්යේෂණ සිදුකර නැතැයි එම ආරංචි මාර්ග තහවුරු කරයි.
මේ සම්බන්ධයෙන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෛව විද්‍යාආයතනයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර ගෙන් ලංකාසර කළ විමසුමක දී ඔහු සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ඉල්ලීම් කරන ඕනෑම මොහොතකදී තමන්ට සිය පර්යේෂණයන්ආරම්භ කළ හැකි බවකි.
පසුගිය අප්‍රේල් මාසයේදී කරන ලද වයිරස පරික්ෂාවේදී මෙරට පැතිර යනු ලබන්නේ එංගලන්ත වයිරස් ප්‍රභේදය බව හදුනා ගැනිමට හැකි වූ නමුත් මේ වන විට රට පුරා පැතිර යන් වයිරස් ප්‍රභේදය එංගලන්ත ප්‍රභේදයමද වෙනත් ප්‍රභේදයක්ද යන්න වග නිවැරදි හදුනා ගත හැකි වන්නේ ලබන ජූනි මස මුල් සතියේදී ආරම්භ කරන පර්යේෂණයන් මගින් පමණක් බවත් ආචාර්ය චන්දිම ජීවන්දර සදහන් කළේය.