අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලි ජාවාරම්කාරයින් හා වන ජීවි නිලධාරීන් ගැටෙද්දී වව්නියාවේ දළ ඇතා මිය යයි…

by editor
ජූනි 11, 2021
in පුවත්
Tusker
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

වවුනියාවේ කනගරායන්කුලමේ පුදූර් ප්‍රදේශයේ තුවාල ලබා සිටි දළ ඇතා වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සදහා නැගිට්ටුවීමෙන් පසුව අද (11 ) දහවල් මියගොස් තිබේ.

මාසයකට වඩා වැඩි කාලයක් මෙම දළ ඇතා  තුවාල ලබා සිටි අතර වෙනත් ඇතකුගේ ප්‍රහාරයකට හෝ වාහන අනතුරකට ලක් වීම නිසා එම ඇතාගේ උකුල් ඇටය බිදී තිබුණු බව  වනජීවී නිලධාරීහු ප්‍රකාශ කළහ.

දළ ඇතා මඩවගුරක වැටීමෙන් පසුව යුද හමුදාව හා වනජීවී නිලධාරීන් දිවා රෑ නොතකා එම දළ ඇතාට ප්‍රතිකාර කරමින් සිටියදී වනජීවී කටයුතුවලට කිසිසේත්ම සම්බන්ධ නොමැති පිරිසක් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ උපදෙස් වලටත් වඩා ඉහලින් වවුනියාවේ දළ ඇතා ළඟ ප්‍රතිකාර කරමින් සිටි පිරිසට උපදෙස් දීමට යාමෙන් විශාල අවුලක් හටගත් බව නිලධාරීන් පිරිසක් කියා සිටියහ.

Tusker
මාසයක් තිස්සේ ඇතා දුක් විඳිමින් වැටී සිටියේ මේ ගොහොරුවේය.

මේ තත්ත්වය නිසා උතුරු පළාත බාර වනජීවී සහකාර අධ්‍යක්ෂවරයා මෙන්ම  උතුරු මැද පළාතේ සිට දළ ඇතාට ප්‍රතිකාර කිරීමට පැමිණි වෛද්‍යවරයාද කොළඹින් පැමිණ සිටි විශේෂ වෛද්‍ය කණ්ඩායමද දැඩි අසීරු තත්ත්වයකට පත් වූ බවද එම නිලධාරීහු කියා සිටියහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත් වවුනියාවේ සිටින වන ජීවී නිලධාරීන්ගේ මතය වී ඇත්තේ මෙම දළ ඇතා තුවාලය නිසා දැඩි අපහසුතාවයකින් හා අසාධ්‍ය තත්ත්වයකින් සිටියදී  නිසි ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රතිකාර නොකිරීම නිසා දළ ඇතා මියගොස් ඇති බවයි.

Tusker (3)
මෙම ඇතා ප්‍රතිකාර සඳහා බව කියමින ඊයේ කෙළින් කර නැගිටවනු ලැබීය.

මියගිය දළ ඇතා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන තුරු  මේ මරණය ගැන  වැඩිදුර යමක් ප්‍රකාශ කළ නොහැකි බවද වවුනියාවේ වනජීවී නිලධාරීහු පැවසූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සංචරණ සීමා 21 තෙක් දීර්ඝ කෙරේ…

Next Post

වව්නියාවේදී මියගිය දළ ඇතා උස්සන්න අලි රොෂාන් ඇවිත් – වනජීවියෙන් විරෝධයක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.