ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග දිසානායක පත් කර ඇත.
මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ජනාධිපති කාර්යාලයේදී අද (10) පෙරවරුවේ පිරිනමනු ලැබීය.







