අල්ලස් කොමිසම ගොනු කළ දූෂණ නඩුවකට අදාළව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි ඇප මත නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (24) නියෝග කළේය.
අල්ලස් කොමිසම විසින් මෙම දූෂණ නඩුව පවරා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අයත් වාහනයක් අවභාවිතා කර රජයට රුපියල් මිලියන 1.07ක නීතිවිරෝධී අලාභයක් සිදු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි රුපියල් 25,000ක මුදල් ඇපයක් මත රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ නියෝග කළේය.
මේ අතර විත්තිකරුවන්ට අධිචෝදනා භාරදුන් අතර නඩුව මාර්තු 15 වැනිදාට කල් තැබිණි.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු පැවසුවේ අධිචෝදනා පත්‍රයට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට විත්ති පාර්ශ්වය අපේක්ෂා කරන බවයි.