අරාබි මුහුදේ සිරවුණු සමුද්‍ර ආරක්ෂකයන් ගැන සොයයි

අරාබි මුහුදේ රඳවාගෙන සිටින බව කියන සමුද්‍ර ආරක්ෂකයින් ලෙස කටයුතු කරන ශ්‍රී ලාංකිකයන් 64 දෙනා පිළිබඳව සොයා බලා ඊට අදාල පියවර ගන්නා බව ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ලංකාසර කළ විමසීමකට පිළිතුරු දෙමින් ඊයේ සවස පැවසී ය.

මේ පිළිබඳව තවදුරටත් තොරතුරු ලබාගෙන ඒ සම්බන්ධව සොයා බැලීම සිදු කළ යුතු බවත් ඒ අනුව මේ පියවර පිළිබඳ ගන්නා පියවර කුමක්ද යන්න ඉදිරියේදී හෙළි කිරීමට හැකි බවත් ජයන්ත කොළඹගේ මහතා සඳහන් කළේය.

සමුද්‍ර ආරක්ෂකයින් ලෙස සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් 64 දෙනා ඇතුළු 180 දෙනෙක් කිසිදු හව්හරණක් නොමැතිව දැඩි දුෂ්කරතා මධ්‍යයේ නෞකාවක රඳවා සිටින බවත් ඔවුන් මුදවා ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් අප ලංකාසර මගින් ලොවට හෙළි කළෙමු.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අය සම්බන්ධව ගන්නා පියවර කුමක් ද යන්න පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතාගෙන් විමසා සිටි අවස්ථාවේ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ සමුද්‍ර ආරක්ෂකයින් ලෙස කටයුතු කළ පනස් ගණනක් ලංකාවට පැමිණීමට අවශ්‍ය බවට ඉල්ලීම් කර තිබෙන අතර ඔවුන් ඉහත ප්‍රවෘත්තියේ සඳහන් අය ද යන්න සොයා බැලිය යුතු බවයි

Exit mobile version