බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අර්බුද මැද සජිත් යළිත් සර්ව පාක්ෂික සමුළුවක් ඉල්ලයි

by Lanka Sara Editor
ජූනි 2, 2021
in පුවත්
sajith premadasa
Share on FacebookShare on Twitter

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

“මේ මොහොතේ හෝ සර්වපාක්ෂක හමුවක් කැඳවා විසඳුම් සොයමු

මේවනවිටත් අවිධිමත් ලෙස රට වසා දමා තිබේ. එහෙත් නොනිල වශයෙන් මාර්ගපුරා වාහන සහ මිනිසුන්ය. මෙයින් ගම්‍ය වන්නේ වර්තමාන ආණ්ඩුවට නිෂ්චිත ලෙස,රට වසා දැමීමේ හැකියාවක් හෝ නැති බවය. ආණ්ඩුවේ සියලු යාන්ත්‍රණයන් පිළිබඳව විශ්වාසය මේ වනවිට ජනතාව වෙතින් ගිලිහී ගොස් ඇති අතර එකිනෙකට පරස්පර වැඩපිළිවෙල හේතුකොටගෙන බරපතල තත්ත්වයක් රටතුළ උද්ගතව ඇත.
කොරෝනා ව්‍යසනයත්,එය ඉදිරියේ ආණ්ඩුවේ හිතුවක්කාරී,අදූරදර්ශී සහ අපරිණත වැඩපිළිවෙලත් හේතුවෙන් අවාසනාවන්ත ඉරණමකට ගොදුරුව සිටින්නේ මෙරට පුරවැසියන් ය.දෙවසරක් තිස්සේ මෙරට ජනතාව සියලු පීඩාවන් දරාගෙන උපේකෂාවෙන් යුතුව ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙත දරාගෙන සිටි නමුත් ආණ්ඩුව එය මායිම් නොකර දිනෙන් දිනම පටු න්‍යායපත්‍ර මත පිහිටා රට අරාජිකත්වය කරා රැගෙන යමින් සිටී.

ඊනියා ලෙස ගෙන ආ පොහොර තහනම

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ආණ්ඩුව ඊනියා ලෙස පොහොර තහනමක් ගෙන ආ අතර එය හුදෙක් දේශපාලන අරමුණක් පමණි.ප්‍රායෝගික නොවන සේ ගත් එම හිතුවක්කාර තීරණය හේතුවෙන් යල කන්නය වෙනුවෙන් වගා කටයුතු කළ ගොවි ජනතාව දැඩි අසරණකමකට පත්ව සිටී.මීට අමතරව එලවලු ගොවීන් ද, වතු වැවිලි ක්ශේත්‍රයේ තේ,පොල්,රබර් ගොවීන්ද,පළතුරු ගොවීන්ද දැඩි පීඩාවකට ලක්ව සිටී. කොරෝනා ව්‍යසනය හේතුවෙන් පීඩිත ජනතාව ආහාර හිඟයකට පත්කොට කබලෙන් ලිපට ඇද දමන කටයුත්තක් බවට එය පත්ව තිබේ.
තමන් විසින් නෙලාගත් අස්වැන්න අළෙවි කරගැනීමේ හැකියාව ගොවීන්ට අහිමිව ගොස් ඇති අතර ඊට කිසිදු විසඳුමක් ආණ්ඩුවෙන් ඉදිරිපත්කර නැත.ඊට අදාල අමාත්‍යාංශ සහ ආයතන ප්‍රායෝගිකත්වය වෙනුවට හිස් වචන පමණක් ප්‍රදර්ශනය කරමින් සිටී.

කබලෙන් ලිපට වැටුණු ධීවර ප්‍රජාව

ධීවර ප්‍රජාව දැනට වසර දෙකක පමණ සිට බලවත් පීඩාවන් රැසක සිරවී සිටින අතර ඔවුන්ගේ ජන ජීවිත නැංවීම වෙනුවෙන් ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බවක් පෙනෙන්නට නැත. ධීවර කර්මාන්තයෙන් සෘජුව හා වක්‍රව ජීවනෝපාය සලසාගන්නා පිරිස ලක්ෂ විස්සකට ආසන්නය. 2019 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව ධීවර කර්මාන්තය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිශ්පාදනයට දක්වන දායකත්වය 1.1%කි.අදවනවිට ඔවුන් ජීවන ප්‍රශ්න රැසකට මුහුණ දී සිටිති.පසුගියදා සිදුවූ එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකාවෙන් සිදුවූ හානිය නිසාද දැඩිව පීඩාවට පත්ව සිටින්නේ ධීවර ජනතාව ය.

ඇඟලුම්කම්හල් ආශ්‍රිත තරුණ ප්‍රජාව

ඇඟලුම්කම්හල් ආශ්‍රිතව කටයුතු කරන තරුණ ප්‍රජාව
ආණ්ඩුව විසින් මුල සිටම අවදානමට තල්ලු කළ අතර ඔවුන්ගේ ගැටලු පිළිබඳව තබා,මේ මොහොතේ ඔවුන් විසින් කරනු ලබන මෙහෙවර පිළිබඳව හෝ ආණ්ඩුවට වගකීමක් නැත.

බිඳවැටුණු ජීවිත

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තට්ටු නිවාස,වතු නිවාස සහ වෙනත් නිවාස ආශ්‍රිතව ජීවත්වන ජනතාව දැඩි පීඩාවකට හසුව සිටින අතර ඔවුන්ගේ ජීවන තත්ත්වය සහ මානසික තත්ත්වය නැංවීම උදෙසා ආණ්ඩුව ථලදායි වැඩපිළිවෙලක් සකසා නැත.ඒ් අතරතුර පිටිමිල ඉහළ නැංවීම පිළිබඳව පුවත් වාර්තාවන අතර එය සෘජුවම සාමාන්‍ය ජනතාවට එල්ල වන පහරකි.
මෙවන් තත්ත්වයන්ට මුහුණ දී සිටින බොහෝ රටවල් සිය ජනතාව උදෙසා කෙටිකාලීන,මධ්‍යකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙලවල් ආරම්භකොට ඇති අතර ඒ් කිසිවක් පිළිබඳව මෙරට ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැත. ඒ් වෙනුවට ආණ්ඩුව එදිනෙදා යම් යම් මාතෘකා ඉස්මතු කරමින් ‘එදාවේල’ වැඩපිළිවෙලක් පමණක් ක්‍රියාත්මක කරමින් සිටී.

සර්වපාක්ෂික හමුවක්

දෙවසරක් තිස්සේ රට මුහුණ දී සිටින්නේ ජාතික මෙන්ම ජාත්‍යන්තර උවදුරකය. එවන් අවස්ථාවක හුදෙක් හිතුවක්කාරී ලෙසත්, තනිව විසඳුම් සොයනවාට වඩා සාමූහික ප්‍රයත්නයක් තුළින් විසඳුම් සෙවීමේ වැදගත්කම අපි නිරන්තරයෙන්ම අවධාරණය කළ නමුත් අඩු තරමේ මේ ව්‍යසනය උග්‍ර අවස්ථාවේ හෝ සර්වපාක්ෂික හමුවක් කැඳවීමටවත් ආණ්ඩුව කටයුතු කළේ නැත. මේ වනාහී තනිව දේශපාලන වාසිය බලා තීන්දු තීරණ ගතහැකි අවස්ථාවක් නොවන බව නැවත මතක් කරමි.
එදිනෙදා ආසාධිතයින් සහ මරණ ගණන ඉහළ යනවිට එය වෙනත් රටවල ගණනින් සංසන්දනය කරමින් ආණ්ඩුව හුදෙක් කාලකන්නි සතුටක් ලබමින් සිටින අතර එහි වන්දිය නිසැකවම ආණ්ඩුවට ගෙවන්නට වනු ඇති බව අවධාරණය කරමු.

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක සහ සමඟි ජනබලවේගයේ නායක”

Tags: නවතම
Share69Tweet43
Previous Post

සංචරණ සීමා ජූනි 14 තෙක් සතියකින් දීර්ඝ වෙයි…

Next Post

වගකීමක් නැති හැසීරීම නැවතුනේ නැතිනනම් සංචරණ සීමා වැඩක් නෑ…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.