බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අර්ධ ශතක 49කට වඩා වටින ලකුණු 49…. ස්තුතියි ලොකු දුවේ… උඹ ගැන ආඩම්බරයි!

by editor
ජූලි 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

පිරිමි කණ්ඩායම්වල 20යි විස්ස තරග දකින්නට ක්‍රීඩා ලෝලීහු රුචි වෙති. වේගය, ජවය, මෙන්ම තියුණු තරගකාරිත්වය එම තරගවල ඕනෑවටත් වඩා ගැබ් වී ඇත්තේය.

එහෙත් ඒ තරගකරණයෙන් උපදිනා අසීමිත සම්පත් ප්‍රමාණය ක්‍රීඩාවේ අධ්‍යාත්මය ගලවා   ශික්ෂිත බවේ සළු පිළි උනා දමා අමු හෙළුවෙන් රඟන ආත්මාර්ථකාමී වැද්දන් සමූහයකගේ පොරයක්  බවට ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පත් වි ඇති අයුරු දුටුවෙමු. ශිෂ්ඨාචාරයේ මුල්ම අවධියේ ප්‍රකාශිත ගෝත්‍රික ලක්ෂණ මතු කරමින් රටට කණ්ඩායමට පෙර තමන් සුරක්ෂිත වීමේ තියරිය මිස ජාතියක සන්නාම තානාපතිවරුන් ගේ විදග්ධ  හැසිරීම මෑත කාලයක දී අප අපේ පිරිමි ක්‍රීඩකයින්ගෙන් අප  දුටුවේ නැත.

කෙල්ලො ටික…

මේ ප්‍රවේශ සහටන තැබුවේ සාද, මධුවිත, රති කෙළි අතරේ වෙලාවක් තිබුණොත් අද තායිලන්ත – ශ්‍රී ලංකා කාත්තා ක්‍රිකට් තරගයේ චමරී අතපත්තු ක්‍රීඩා කළ ඉනිමේ අධ්‍යාත්මික ගැඹුර අපේ ක්‍රිකට් ඔස්තාද්ලාට බලන්නට කියන්නටය. ඒ ක්‍රිකට් ඉගෙන ගන්නට නොවේ. රටක් වෙනුවෙන්, රටේ ගෞරවය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රිඩා කිරීම යනු කුමක් ද, තමන්ගේ පුද්ගලික වාර්තා දෙවෙනි කරමින් රටේ ගෞරවණීය ජයග්‍රහණය සහතික කිරීමේ පෞරුෂය කුමක් ද යන්න පිළිබඳව අවබෝධ කරගැනීම සඳහා ය.

කොටින්ම විනයක් සංයමයක් හෝ රටක් වෙනුවෙන් උපන් හැඟීමක් නැති හැඩි දැඩි ගවයන් ටිකක් පන්දුවට පිත්තෙන් ගැසීම යනු ක්‍රිකට් නොවන බව තේරුම් ගැනීම සඳහා ය.

කාන්තා ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ ඒ ඛාන්ඩයේ තරගයක් වූ ශ්‍රී ලංකා – තායිලන්ත තරගය අද (24)  දඹුල්ල ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ විදුලි ආලෝක මධ්‍යයේ පැවැත්වුනේය. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 10කින් දිනුම්ය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

තරගය

තරගයේ කාසියේ වාසිය දිනුවේ තායිලන්ත කණ්ඩායමය. තායිලන්ත ක්‍රීඩිකාවෝ මුලින්ම පන්දුවට පහර දීම තේරූහ.

ශ්‍රී ලංකා ක්‍රිඩිකාවෝ පිටියේ විශිෂට පන්දු රැකීමක් මෙන්ම පන්දු යැවීමක් ප්‍රකට කළහ. තායිලන්ත කණ්ඩායමේ සාර්ථක වූ එකම පිතිකාරිණිය වූයේ Nannapat Koncharoenkai පමණි. ඇය පන්දු 53ක් තුළ හතරේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 47ක් රැස් කළාය. පන්දු ඕවර 20 තුළ දී කඩුළු 07ක් දැවී තායිලන්ත කණ්ඩායම රැස් කරගත්තේ ලකුණු 93ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 94කි.

පන්දු යැවීමේ දී කවීෂා දිල්හාරි සිය පන්දු ඕවර 4 තුළ ලකුණු 13ක් පමණක් ලබා දී කඩුළු 02ක් ලබා ගෙන විශිෂ්ට පන්දු යැවීමක නිරත වූවාය. අචිනි කුලසූරිය, සුගන්ධිකා කුමාරි, ඊනෝෂි ප්‍රියදර්ශනී, චමරී අතපත්තු කඩුල්ල බැගින් ලබා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි විශ්මි ගුණරත්න සහ චමරී අතපත්තු පන්දු ඕවර 11.3ක් තුළ දී ලකුණු 93ක ඉලක්කය ඉක්මවා ගියහ. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 10ක විශිෂ්ඨ ජයක් ලැබුවේය.

තරගයක දුටු වටිනාම ලකුණු 49ක්…

විශ්මි ගුණරත්න හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමගින් පන්දු 34ක දී නොදැවී ලකුණු 39කි. චමරී අතපත්තු හතරේ පහර 02ක්  සහ හයේ පහර 4ක් සමග පන්දු 35ක දී ලකුණු 49කි.

අද ඇය සිය 11 වැනි අන්තර්ජාතික විස්සයි 20 අර්ධ ශතකය අත්හැරියාය. චමරි ලකුණු හතලිස් ගණන් අග වනවිට ඇය සමග අනෙක් අන්තයේ ක්‍රීඩා කළ විශ්මි ගුණරත්න ඇයට පන්දුවට පහරදීමට අවස්ථාව ලබා දීමට උත්සාහ කරනු පෙනුණි.    ඒ අවස්ථාව ලබා ගනු  වෙනුවට අප දුටුවේ  හැකි ඉක්මනින් තරගය නිමා කරන්නට විශ්මි ගුණරත්න උනන්දු කරවන  ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ය.

ලකුණු 49ක් ලබා සිටිය දී ජයග්‍රහණයට අවශ්‍ය වී තිබුණේ එක ලකුණකි. එම ලකුණ ලබා ගැනීමට පන්දු 52ක් ඉතිරී වී තිබිණි.

අමතර ලකුණක් ලබා ගැනීමට තිබූ අවස්ථා මගහරිමින් ජයග්‍රහණය පන්දුවකින් දෙකකින් පමා කර ඇයට ඇයගේ පුද්ගලික වාර්තා අතරට සිය 11 වැනි අර්ධ ශතකය එක් කර ගැනීමට අවස්ථාව තිබිණි.

නමුත් ඇයගේ පුද්ගලික අර්ධ ශතකය වෙනුවෙන් චමරී ජයග්‍රහණය එක් පන්දුවකින් හෝ පමා කළේ නැත. 11 වැනි ඕවරයේ 3 වැනි පන්දුවට පහසු අමතර ලකුණකට පැති මාරු කරගනිමින් චමරි නොදැවි ලකුණු 49ක් සහිතව  තරගය නිමා කළාය.

ක්‍රීඩාවේ ජීව ගුණයට ගෞරව කරන මහත්මා ක්‍රීඩාවක පමණක් ඇති මේ ලක්ෂණය ප්‍රගුණ කිරීමට ඇය ලද යෝධ පෞරුෂය කෙසේ ලැබුණා දැයි කල්පනා කරමි.

මක් නිසා ද යත් ඇයට සමකාලීන ජාතික පිරිමි කණ්ඩායමේ අපට ක්‍රිකට් එපා කරවන උද්දච්ඡ මදාවිකමට හාත්පසින් වෙනස් අන්තය චමරි අපට පෙන්වා දුන් බැවිනි. අප ගෞරව කරන අතීත ක්‍රිකට්හි තිබූ අධ්‍යාත්මික හරය යළි දකින්නට ලැබීමේ ආනන්දය විඳිමින් මේ සටහන අවසන් කරමි.

ස්තුතියි ලොකු දුවේ… උඹේ ලකුණු 49 අර්ධ ශතක 49කට වැඩිය වටිනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අතරමඟ නැවැතුණු Campbell Avenue මහල් නිවාස ව්‍යාපෘතියට Westbury Residencies පණ දෙයි

Next Post

වැඩ නැවතී ඇති සියලුම ජපන් ආධාර ව්‍යාපෘති සති තුනකින් අරඹනවා… ජපන් රජය ලංකාවට නිල වශයෙන් දැනුම් දෙයි!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.