අරලිය ගහ මන්දිරය ඉදිරිපිට ගුටිකෙළියක් – මාධ්‍යවේදීන් දෙදෙනකුටත් පහර දෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලා අස් නොවන ලෙස ඉල්ලමින් අරලිය ගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වෙමින් සිටි පිරිසක් මාධ්‍යවේදීන් දෙදෙනකුට පහර දී තිබේ.

අගමැතිවරයාට සහය පළ කරමින් උද්ඝෝෂණයේ නිරත වෙමින් සිටියදී එම ස්ථානයට පැමිණි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කණ්ඩායමක් සමඟ ගැටුමක් ඇති කර ගත් අතර එම අවස්ථාව ආවරණය කරමින් සිටි මාධ්‍යවේදීන්ට ද ප්‍රහාරයන් එල්ල වී තිබේ.

අගමැතිවරයාට ඉල්ලා අස් නොවන ලෙස ඉල්ලමින් ප්‍රාදේශීය සභා පළාත් සභා ඇතුළු පොදුජන පෙරමුණ නියෝජනය කරන පාක්ෂිකයින් රැසක් විවිධ ප්‍රදේශවලින් පැමිණ අද උදෑසන අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන් පා ගමනින් ජනාධිපතිමන්දිරය වෙතට යාමට ද සූදානම් වෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

media

Exit mobile version