අරලගංවිල පොලිස් අභ්‍යාසලාභීහු තෛපොන්ගල් සමරති…

අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පොලිස් අභ්‍යාසලාභීන් අද (14) දින තෛපොංගල් සමරනු ලැබූහ.

පොලිස් අධිකාරි කේ ඩී චන්ද්‍රපාල ගේ ප්‍රධානත්වයෙන් මෙම තෛපොංගල් උත්සවය සංවිධානය කර තිබිණි . මෙම පොලිස් අභ්‍යාස විද්‍යාලයේ හින්දු භක්තික පොලිස් අභ්‍යාසලාභීන් 172ක්   ඉස්ලාම් භක්තිකයන් 34ක්   සහ බෞද්ධ පොලිස් අභ්‍යාසලාභීන් 304ක් ශික්ෂණය වෙමින් සිටිති.

ඔවුන් සියළු දෙනා එක්ව ආගමික සහජීවනය නිරූපණය  කරමින් මෙම තෛපොංගල් උත්සවය සමරනු ලබති.


පොලිස් අධිකාරි කේ ඩී චන්ද්‍රපාල ( දකුණේ)

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අවස්ථාවට පොළොන්නරු දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති අමරකීර්ති අතුකෝරළ  ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගි වී ඇත.

Exit mobile version