අරගලයේ සිටින දූ පුතුන්ට ගෙවල් ගිනි නොතබන ලෙසත් ප්‍රචන්ඩකාරීව නොහැසිරෙන ලෙසත් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න අවවාද කරයි.
ඔහු පවසන්නේ මෙසේය.
“දුවේ පුතේ… ඉතාම ආදරයෙන් ඉල්ලා සිටිනවා. ප්‍රචන්ඩකාරී හැසිරීම නවත්වන්න… ප්‍රජාතන්ත්‍රවාදී විදිහට, රජයේ හෝ වේවා පුද්ගලික හෝ වේවා දේපල ගිනි තියන්නෙ නැතිව, සාමකාමී ලෙස ඔබේ අරගලය කරගෙන යන්න. “
“මේ විදිහට අපේම රටවැසියන් තලන්න පෙලන්න මරා දමන්න ගිනි තියන්න ඉදිරියටත් කටයුතු කරනවා නම් පොලිසියටත් ආරක්ෂක අංශවලටත් සිද්ධ වෙනවා ඉතාමත්ම අකමැත්තෙන් වුවද මෙතෙක් සිදු නොකළත් ඉදිරියේ දි තදින්ම නීතිය ක්‍රියාත්මක කරන්න …“
මේ වනවිට මහජන දේපල කොල්ල කන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවන්ට නියෝග කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.
Discussion about this post