අයි.ඩී.එච් රෝගියා ගිය මග සොයා ආරක්ෂක බුද්ධි අංශ විශේෂ මෙහයුමක…

ආපු පාර ගැන බොරු කියලා... ගෙදරකින් ඇඳුම් සහ පා පාදියක් හොරකම් කළ බව හෙළි වෙලා....

අයි.ඩී.එච් රෝහලින් පලා ආ කොවිඩ් ආසාදිතයා තමන් පැමිණි ගමන් මාර්ගය සම්බන්ධව අසත්‍ය තොරතුරු පවසා ඇතැයි හෙළි වීමත් සමගම ඔහු පැමිණි මග සෙවීමේ සංකීර්ණ මෙහෙයුමක් කිරීමට ආරක්ෂක බුද්ධි අංශවලට සිදු වී ඇතැයි වාර්තා වේ.

මේ වනවිට සී.සී.ටී.වී දර්ශන සූක්ෂම ලෙස විමසමින් ඔහුගෙන් රෝගය සමාජයට සම්ප්‍රේක්ෂණය වීමට ඇති ඉඩ කඩ විමසීමේ කටයුත්ත ආරක්ෂක අංශ විසින් කරගෙන යමින් සිටින බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න ප්‍රකාශ  කරයි.

මෙම කොවිඩ් ආසාදිතයා රෝහලින් පලා එන අතර මග තිබූ නිවසකට ඇතුළු වී  එහි තිබූ ඇඳුම් ඇඳගෙන එම නිවසේ පා පැදියක් සොරකම් කර කොළඹ කොටුව දෙසට පැමිණ ඇතැයි දැන් හෙළි වී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පුද්ගලයා ඇතුළු වී ඇඳුම් සහ පා පැදිය සොරාගත් නිවස මේ වනවිට සෞඛ්‍ය අංශවල උපදෙස් ප්‍රකාරව විෂබීජ හරණය කර තිබේ.

Exit mobile version